(ඩයනා උදයංගනී)
විශ්‍රාම වයස සම්පූර් ණ කළ වෛද්‍යවරුන්ගේ සේවා කාලය වසරකින් දීර් ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර් ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
වෛද්‍යවරුන් වයස අවුරුදු 60දී විශ්‍රාම ගැන්වීමෙන් සෞඛ්‍ය සේවයේ මතුවිය හැකි ගැටලු සොයාබලා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කර තිබූ ඇමති අනුකමිටුවේ වාර්තාව සළකා බලා අමාත්‍ය මණ්ඩලය මෙම තීරණය ගත් බව ඇමතිවරයා සඳහන් කළේය.
මේ වන විට වයස අවුරුදු 63 සම්පූර්ණ කර ඇති වෛද්‍යවරුන් පමණක් දෙසැම්බර් 31 දින විශ්‍රාම යා යුතු බවත්, වයස අවුරුදු 62 සම්පූර්ණ කර ඇති අය, අවුරුදු 63දීත්, දැනට වයස අවුරුදු 61 සම්පූර්ණ කර ඇති වෛද්‍යවරු 62 දීත්, වයස 60 සම්පූර්ණ කර ඇති වෛද්‍යවරු 61 දී සහ වයස අවුරුදු 59 සම්පූර්ණ වූ අය අවුරුදු 60 සම්පූර්ණ වන විටත් වශයෙන් තව වසරකින් විශ්‍රාම ලැබිය යුතු බව ද ඇමතිවරයා කීවේය.
ඒ අනුව එම සේවා දීර්ඝ කීරීම වසරකින් අවසන් වන අතර, ඉන්පසු රජයේ තීරණය පරිදි වෛද්‍යවරුන් වයස අවුරුදු 60න් විශ්‍රාම ලැබිය යුතු බව ඇමතිවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (18) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලකයන්ගේ විශ්‍රාම වයස කුමක්ද.?
ලැබෙන වරප්‍රසාද වලට තියන පෙරේතකම නැතිව ඉතින් වෙන මොකක්ද? රජයේ රෝහලකට සම්බන්ධ වෙලා නම තියනකොට, චැනල් කඩේ බිස්නස් එකට වැඩේ පහසු ඇති. අර රසායනික පොහොර ගැන උපදෙස් දුන්නු කෙනාගෙන්මද මේකටත් උපදෙස් ගත්තේ? පුළුවන් නම්, රජයේ රෝහල් වල වැඩකරන විශේෂඥ දොස්තරලගේ රාජකාරි වෙලාව පරීක්ෂාවට ලක් කරලා පෙන්වන්න. අන්න එදාට තමයි මාෆියා කාරයින් සෞඛ්‍ය ඇමතිට සලකන හැටි අපට බලා ගන්න ලැබෙන්නේ. බලාගෙන ගියාම ලංකාවේ රජයට පවා දොස්තරලගේ පදේටනේ නටන්න වෙලා තියෙන්නේ. හැබැයි ඉතින් පිටරටවල වෛද්‍යවරුන්ට නම් ඔය උණ නැහැ. ඔවුනුත් අනෙක් අය වගේම රජයේ සේවකයින්.
බෙහෙත් පෙත්තේ විශ්‍රාම කාලයත් දිනය පැන්නහම ඊට උඩින් ලේබලයක් ගහලා දික්ගැස්සුවනේ අපේ කාලේ.. . ඇයි අමතකද..?
ඉතාම කාලෝචිත තීරණයක්. එතකොට තරුණ වෛද්‍යවරු තනිකරම රෝහලේ සේවයට සීමාකර ඔවුනට පෞද්ගලික චැනල් සේවා තහනම් කරන්න. විශ්‍රාමික වෛද්‍යවරුන්ට පූර්ණකාලීන පෞද්ගලික සේවයට ඉඩ හරින්න.
කාලයකින් හොඳ තීන්දුවක්.
තවත් අවුලකට මුල.
දොස්තරලා නම් ලෙඩ්ඩුන්ට සේවයක් කරන උදවිය කියලා හිත හදාගන්ඩ පුලුවන් .60 පැන්න වයසක දූෂිත දේශපාලුවන්ගෙන් මොකක්ද ඇති සෙතේ? බලතන්හාව ඉහටත් උඩින් .දේශපාලනෙන් පුලුවන් තරම් හොරාකාලා බඩවඩා ගත්තු දූෂිතයෝ කූඩැල්ලෝ වගේ බලයේ සදහටම ඉන්ඩයි හදන්නේ ?