
( ෂේන් සෙනෙවිරත්න )
පේරාදෙණිය ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකු පැදවූ මෝටර් රථයක් හදිසියේ කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් පාරෙන් ඉවතට පැන මහනුවර වැවට පෙරළීම හේතුවෙන් එම විශේෂඥ වෛද්‍යවරයා සුළු තුවාල ලබා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට තිබේ .
ඊයේ (04) රාත්‍රීයේ අනතුර සිදු වෙන අවස්ථාවේදී වෛද්‍යවරයාගේ බිරිඳ ද වාහනයේ සිට ඇති අතර ඇය ද මහනුවර ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරියකි .
සුළු තුවාල ලැබීම හේතුවෙන් ඇය ද මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි .
මල්වතු මහා විහාරයේ සංඝරාජ පිරිවෙන අසලදී අනතුර සිදුවී ඇති අතර එම අවස්ථාවේදී එහි සිටි පිරිස් වාහනයේ වීදුරු කඩා මතය තුළ සිටි දෙදෙනා පිටතට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන පොලිසියේ රථ පොලීසියේ රථවාහන අංශය වැඩිදුර විමර්ශන සිදුකරයි .
2025 දෙසැම්බර් මස 18
376
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
223
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1015
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දොස්තර පැදවු රිය නුවර වැවේ
Lal Sunday, 05 March 2023 06:19 PM
බීලද කොහේද ඉන්න ඇත්තේ..!
pakeer Sunday, 05 March 2023 08:34 PM
මොකක්ද දන්නේ නැහැ දෝෂය...? කරුණාකරලා අපිටත් කියන්න...!