IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


දොස්තර ක්‍රිශාන්තට ඇප

(සුගතපාල දියගහගේ)

කරාපිටිය රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයකුට සහ සේවිකාවකට පහරදිමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් කර සිටි කරාපිටිය රෝහලේ පිළිකා වාට්ටුව භාර විශේෂඥ වෛද්‍ය ක්‍රිශාන්ත පෙරේරා මහතා රුපියල් මිලියනය බැගින්වු ශරිර ඇප දෙකක් මත මුදා හැරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද (22) නියෝග කළේය.

කරාපිටිය රෝහලේ බන්ධනාගාර නිලධාරින්ගේ ආරක්ෂාව යටතේ සිටි වෛද්‍යවරයා හෙදියන් දෙදෙනකු වෙද්‍යවරයකුද සමග ගිලන් රියකින් අධිකරණය වෙත පැමිණියේය.

නඩුව කැඳවු අවස්ථාවේ දෙපර්ශවයම අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධිය සමථවිමට කැමති බවය.

ඒ අනුව රාජකාරියට බාධා කිරිමේ චෝදනාව හැර අනෙක් චෝදනා සමථමණ්ඩලයට යොමු කිරිමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සැකකාර වෙද්‍යවරයාට ඇප නියම කරමින් කියා සිටියේ මින්පසු වෘත්තිය සමිති අයිති වාසිකම් යටතේ සිදු කරන ක්‍රියාකාරකම්වලට බලපැම් නොකරණ ලෙසටද අවවාද කළේය.

වර්ජනය කිරිම වාත්තිය අයිතිවාසිකමක් බවත් එය වෛද්‍යවරුන්ට මෙන්ම සුලු සේවකයන්ටද අයිති බවත් මහේස්ත්‍රාත්වරයා කියා සිටියේය.

 



අදහස් (2)

දොස්තර ක්‍රිශාන්තට ඇප

චන්දන Monday, 22 January 2024 02:47 PM

වර්ජනයට බාධා කිරීම කළ නොහැක්කේ වෛද්‍යවරුන්ට විතරයිද? ආණ්ඩුවම බාධා කරනවා නම් ඒක වැරැදි නැතිද?

:       4       22

Lelwala Monday, 22 January 2024 09:07 PM

නුපුහුණු කම්කරුවන් දේශපාලන ලැයිස්තුවලින් රාඡ්‍ය සේවයට බඳවා ගැනිම නතරකර. ඒවා පෞද්ගලික කම්පැණි වලට ටිකෙන් ටික පැවරිය යුතුයි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 283 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site