
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ජිම්නාස්ටික් ක්‍රීඩිකා මිල්කා ගිහාන් ද සිල්වා ටොකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට දක්‍ෂතාව මත සුදුසුකම් ලබා ඇතැයි ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමය පවසයි.
මිල්කා මෙවර ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට දක්‍ෂතාව මත සුදුසුකම් ලැබූ පළමු සහ එකම ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව බවට ද පත්වූවාය.
මිල්කා ඉල්ලුම්පත් ක්‍රමය මත ද මීට පෙර ටොකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා සිටි අතර ඇය මෙහිදී දකුණු ආසියාවේ වැඩිම දකස්කම් දැක්වූ ක්‍රීඩිකාව බවට පත්වූ බවත් ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමය කියයි.
18 හැවිදි මිල්කා, කොල්ලුපිටිය මෙතෝදිස්ත බාලිකා විදුහලේ සහ පිළිබයන්දල මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි.
ජූලි මස 23 වැනිදා ආරම්භ වන ටාකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට මේ වන විට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නව දෙකනු සුදුසුකම් ලබා සිටිති




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිල්කා දුවට අපේ සුබපැතුම්... ඔබ රටට ආඩම්බරයක්. ගේන්න පදක්කමක්...
නිලධාරියෝ 58ක් ජපන් ගියාලු... අපේ සල්ලි වලින්...
සුබ පැතුම්...!!!