
(මොහොමඩ් ආසික් සහ තුසිත කුමාර ද සිල්වා)
දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පවතින අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 19 කට නාය යෑමේ අනතුරු ඇඟවීමේ අවදානම් නිවේදනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද(03 වනදා ) පෙරවරුවේ නිකුත් කරනු ලැබ තිබේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර ඇති එම නිවේදනයට අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගහ, ඇල්පිටිය සහ නාගොඩ යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවලට පළමු මට්ටමේ නායයෑමේ අවදානම් නිවේදනය නිකුත් කර ඇති අතර කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, පාලින්දනුවර,මතුගම සහ ඉංගිරිය යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවලට පළමු මට්ටමේ අවදානම් නිවේදනය සහ බුලත්සිංහල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට දෙවැනි මට්ටමේ අනතුරු ඇගවිමේ නිවේදනයද නිකුත් කරනු ලැබ තිබේ.
කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල,බුලත්කොහුපිටිය,යටියන්තොට, දැරණියගල, සහ දෙහිඔවිට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවලට පළමු මට්ටමේ නායයෑමේ අවදානම් නිවේදනය නිකුත් කරනු ලැබ තිබේ.
රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන කිරිඇල්ල සහ අයගම යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවලට පළමු මට්ටමේ ආදානම් නිවේදනය සහ ඇහැලියගොඩ, කුරුවිට සහ රත්නපුර යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා දෙවැනි මට්ටමේ නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනයද නිකුත් කරනු ලැබ තිබේ.
මෙම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස තුල පසුගිය පැය 24 ක කාලය තුල මිලි මීටර් 75 ඉක්මවූ වර්ෂාපතනයක් වාර්තා වී ඇති බැවින් තව දුරටත් වැසි පවතී නම් නාය යෑමේ අවදානම ගැන විමසිලිමත් වන්නැයි ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය එම ප්‍රදේශවල පදිංචි ජනතාවගෙන් ඉල්ලා සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd