(ඩයනා උදයංගනී)
පවතින තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක පහක නාය යාමේ අවදානමක් මතුව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
කොළඹ, ගාල්ල, කළුතර, කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්කයන්හි මෙම නායයෑමේ අවදානම මතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ප්‍රකාශකයෙක් පැවසීය.
කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක, ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ, කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, වරකාපොල සහ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර සහ ඇලපාත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල මෙම අවදානම මතුව ඇති අතර, එම ප්‍රදේශයන්හි කඳුකර හා බෑවුම් ප්‍රදේශයන්හි ජීවත්වන ජනතාව නායයෑම් ලක්ෂණ සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටිය යුතු බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
දිසා පහකට නාය අවදානම් නිවේදන