
(යොහාන් භාසුර)
අපොස උසස් පෙළ විභාගයේ කලා විෂය ධාරාවේ මහනුවර දිස්ත්‍රික්කයේ පළමු ස්ථානය ගෙලිඔය ශ්‍රී පඤ්ඤාරතන මධ්‍ය මහා විද්‍යාලයේ දෘශ්‍යාබාධිත ශිෂ්‍යයෙක් වන තිවංක රණබාහු ප්‍රේමලාල් හිමිකරගැනීමට සමත්විය.
තිවංක කලා විෂය ධාරාවෙන් සමස්ත ලංකා 75 වැනි ස්ථානයට පත්ව සිටින අතර ඔහු වාචික ක්‍රමයට උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුවෙකි.
ඔහු වයස අවුරුදු 15 දී 2018 වසරේ පූර්ණ දෘශ්‍යාබාධිත තත්වයට පත්ව ඇති බවත් සංගීත ඩිප්ලෝමා ධාරිනියක් වන ඔහුගේ මව නිරෝෂනී සුජීවා කුමාරි මහත්මිය පොත් කියවීමෙන් විභාගයට සූදානම් කර තිබේ.
මෙම ජයග්‍රහණය පිළිබඳව කළ විමසුමේදී තිවංක පැවසුවේ ජයග්‍රහණය පිළිබඳව සතුටු වන බවත් මහනුවර දිස්ත්‍රික්කයේ ඉතිහාසයේ ඕනෑම විෂය ධාරවකින් දෘශ්‍යාබාධිත ශිෂ්‍යයෙක් පළමු ස්ථානය ලැබූ පළමු අවස්ථාව මෙය බවත්ය.
“සාමාන්‍ය පෙළ විභාග ආසන්නයේ තිබියදීයි මගේ ඇස් පෙනීම නැතුව ගියේ. වෛද්‍යවරු පවසන්නේ ඇස් පෙනී නැතිවීමට හේතුවෙක් නොමැති බවයි. ඇස් පෙනීම නැවත ගන්න ප්‍රතිකාර කරනවා” යැයි ද තිවංක පැවසීය.
2025 දෙසැම්බර් මස 18
324
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
205
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දෑස් නොපෙනන තිවංක උසස් පෙළින් වැඩ පෙන්නයි
Chethila Omiru pathiranaarachchi Tuesday, 05 September 2023 04:42 PM
ඔයාට සුභ අනාගතක් අයියා
Bunny Preena Wednesday, 06 September 2023 01:48 PM
සුබ පැතුම්... නොයෙකුත් හේතු දක්වන පසුගාමි පුද්ගලයින්ට ඔබ හොඳ උදාහරණයක්...