(අංජුල මහික වීරරත්න)
සාමකාමී අරගල නායකයින් රජයට බාර දී ඇති යෝජනාවලියේ සදහන් "මහජන කවුන්සිලය"ඉතා හොඳ යොජනාවක් ලෙස පිලිගන්නා බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ පැවති සාකච්ඡාවක දී සඳහන් කර තිබේ.
වංචා දූෂණ සිදුවීම් සම්බන්ධයෙන් ද අරගලකරුවන් දිගින් දිගටම චෝදනා නගමින් සිටින අතර ඉදිරියේ දී ආණ්ඩුව දුෂණය මැඩලීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව අරගලකරුවන්ට දැනුම් දෙන බව ද වැඩබලන ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.
වැඩබලන ජනාධිපති ධුරයෙහි දිවුරුම් දීමෙන් අනතුරුව ප්‍රකාශයක් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා පැවසූයේ කැරලිකරුවන් සහ අරගලකරුවන් අතර විශාල වෙනසක් තිබෙන බවයි.ආරම්භයේ සිටම අරගලයට සම්බන්ධ වී සිටින බොහෝ අය කැරලිකරුවන්ගේ කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට විරුද්ධත්වය පළ කර තිබෙන බව ද වැඩබලන ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.සැබෑ අරගලකරුවන් ප්‍රචන්ඩ ක්‍රියා නොකරන බව තම විශ්වාසය බව ද වැඩබලන ජනාධිපතිවරයා එහිදී කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් අලුතින් පත්වෙන ජනාධිපති අනිවාර්යයෙන් මහබැංකු වංචාව ගැන කටයුතු කරාවි..
වැඩක් නෑ. ඒ අයට ඕන දූෂණය මඩින්න නෙමෙයි, මොන ආණ්ඩුව ආවත් රට අස්ථාවර කරන්න. තේරෙන භාෂාවෙන් කියන්න වෙයි.
කම් ඕන් රනිල්...!
අනිත් කතා කොයිවා වෙතත් එකක් ඇත්ත. අරගලකරුවන් ගිනිතිබ්බේ මන්කොල්ල කාලා නැහැ. අපිත් අරගලේ තමයි. හේතුව කාගෙන්වත් යැපෙන්නේ නැතුව දරුවොත් එක්ක ජීවත් වෙන්න තිබ්බ රස්සාව කරන්න විදිහක් නැහැ. හාල් කිලෝඑකක් 300 කට අරගෙන කොහොමද පවුලක් ජීවත් වෙන්නේ...? රාජපක්ෂලාට ඒක තේරුණේ නැහැ.. කරන්ට් ඔක්සිජන් නැහැ. හැබැයි අපේ බඩගින්න මතින් බලේට එන්න හදන්නේ ජේවීපී පෙරටු අන්තරේ හැතිකරේ...
ඔව්, ඔව්... කැරැලිකරුවන් සහ අරගලකරුවන් අතර වෙනස නම් සඳහන් නොකරාට පැහැදිලියි. දඞුවම් ලැබිය යුතුමයි..
හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ... අනේ මගේ කට...
දූෂණය මඩින්න නම් ඔහේ ඔතැනින් අයින් කරන්න වෙනවා මුලින්ම. මොකද ඔහේ ඔකන ඉන්නේ තනිකර දූෂණ ක්‍රියාවලියකින්...