
(අංජුල මහික වීරරත්න)
දූෂණ විරෝධී පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොකරන ලෙස තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.
මේ දි වල කතාබහට ලක්ව සිටින තරුණ මන්ත්‍රීවරයා මෙම ඉල්ලීම කර තිබෙන්නේ ඉදිරි දෙසතිය ඇතුළත දූෂණ විරෝධී පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට සියලු කටයුතු සම්පූර්ණ කර පවතින පසුබිම යටතේය.
මෙම මන්ත්‍රීවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දුරකථන ඇමතුමක් ලබා දෙමින් ජනාධිපතිවරණයට පෙර දූෂණ විරෝධී පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොකරන ලෙස ඉල්ලීමක් කර තිබේ.
මන්ත්‍රීවරයාගේ ඉල්ලීම පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් සමඟ සාකච්ඡා කර ඉදිරි දින දෙක තුළදී තීරණයක් ගැනීමට නියමිත බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලනය යටතේ දූෂණ විරෝධී පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට පාර්ලිමේන්තුවේදී සම්මත කරන බව මීට පෙර අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශයට පත් කෙරිණි.
COMMENTS
තවත් නාට්‍යක්.ඔය මොනවා ගෙනාවත් අපිව අල්ලන්න බෑ
අමු දූෂිතයෙක් වෙන්න ඇති නේද ?අනික් කාරණය තමා කැබිනට් එකටවත් යන්න ඉස්සෙල්ලා මෙයාගේ අතට ගියේ කොහොමද ?
නාමල් බේබි නේද? අපි දන්නවා හැංගිලා දෙන ගේම් ගහන්නේ කවුද කියලා
මේ රට පාලනය කල කිසිවෙකු සැබෑ දූෂණ විරෝධී පනතක් නිසි පරිදි සම්මත කර ගන්නේ නැත.මක් නිසාද ඔවුන්ගේ දේශපාලනය රඳා පවතිනේ රට දියුණු සංවර්ධිත පොහොසත් රාජ්‍යයක් කිරීමට නොව තමන්ට බලය ගැනීමටත් ගත් බලය ආරක්ෂාකිරීමටත් තමන්ට උදව්කරන පිරිස්වලට හැකි තරම් රටේ මහජන ධනය කොල්ල කන්න අවශ්‍ය අනීතික පසදුබල සහාය සැලසිය හැකි නීතිමය පරිසරයක් රටතුළ පවත්වා ගන්නටය.නිසි පරදි අල්ලස් හා දූෂණ විමර්ෂනය කොමිෂම ස්වාධීන පද්ධතියක් ලෙස පූර්ණබලැති නීතියක් සමග සම්මත කර ,ස්වාධීන විගණන කොමිෂමද ඒ අයුරින් ශක්තිමත් නිසි දඩුවම් සහිත නීති පද්ධතියක් මේ පාලකයන් ස්ථාපනය කරන්නේ නම් මහජන ධනය තමන්ට හිතූ පරිදි අවභාවිතා කරන්නට,සොරා කන්නට මේ කිසිම පාලකයකුට අවස්ථා අවහිර වනු ඇත.