
(සුජිත් හේවාජුලිගේ)
රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සහ අක්‍රමිකතා වැළැක්වීමට දුන් නිර්දේශ ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග මෙතෙක් ගෙන නැතැයි රජයේ විගණකාධිපති ඩබ්ලිව්.පී.සී.වික්‍රමරත්න මහතා පැවසීය
විගණකාධිපති දෙපාර්තමේන්තුව ලබාදෙන නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම බරපතළ ගැටලුවක් බවත් දෙපාර්තමේන්තුව දෙන නිර්දේශ අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කිරීමඅනිවාර්ය කිරීමට නව නීති ගෙන ආ යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය.
විගණන විමර්ශන පැවැත්වීම සඳහා රජය වාර්ෂිකව වැය කරන මුදල කෝටි ගණනකැයි පැවසේ.
විගණකාධිපති දෙපාර්තමේන්තුව ලබා දෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීමට සෑම රාජ්‍ය ආයතනයක්ම බැදී සිටින බවද වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේය.
කළමනාකරණය වෙනුවෙන් ගන්නා ලද තීන්දු තීරණ හෝ විගණකාධිපති දෙපාර්තමේන්තුව ලබා දෙන නිර්දේශ ඇතැම් ආයතන ක්‍රියාත්මක කරන්නේ නැහැ. එබැවින් විගණකාධිපති දෙපාර්තමේන්තුව රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් දෙන නිර්දේශ ක්‍රියාත්මක කරවීම රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ හා මුදල් පිළිබඳ කාරක සභාවේද වගකීමක්" යැයි රජයේ විගණකාධිපතිවරයා සඳහන් කළේය.
මේ අතර විගණකාධිපතිවරයාගේ නිර්දේශ සමහර ආයතන ප්‍රධානීන් හෑල්ලුවට ලක් කරන ආකාරයක්ද දක්නට ලැබෙන බව විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පෙන්වා දෙති

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයතනයේ නිලධාරීන් සේවයෙන් පහකර නීතිය හමුවට ගෙන ආ යුතුයි...
තව පොහොය හතරයි. දාන සෙල්ලමක් දැන් දාන්න..
ඔන්න රට ගොඩගන්න හැටි. තව ඡන්දෙත් ඉල්ලනවා.
රනිල් සහ හොරු 134 ඉන්නකල් ඕවා වෙන වැඩ නෙවෙයි. ඊළඟ ඡන්දෙදී ජනතාවට වග කියන නායකයෙක් පත්කර ගමු.
පළමුව කළ යුත්තේ විගණනය යනු කුමක් දැයි නොපමාව රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමයි. අමාත්‍යාංශ ලේකම් ආදීන් පරිපාලන කරන්නන් පමණයි. ඔවුන්ගේ ආකල්පය විගණනය යනු දොස් සෙවීම සඳහා කඩා පනින හමුදාවක් බවයි.
ඉතින් පේනවා නේද නිදහස ලබා අවුරුදු 76 ක් ගතවෙලත් රටේ සංවර්ධනය කරන්න බැරිවෙලා තියෙන්නේ ඇයි කියලා. දෙගොල්ලන්ම මාරුවෙන් මාරුවට පාලනය කළත් ආණ්ඩුවේ කකුලෙන් ඇද්දේ රජයේ නිළධාරින් කියලා නේද මෙයිනුත් පැහැදිලි වෙන්නේ? එ නිසා ඉදිරියේ පත්වෙන රජයක් පවතින රජයේ නියෝග ක්‍රියාත්මක නොකරන්නේ නම් එම නිලධාරි සේවයෙන් පහකරන බව මැතිවරණ ප්‍රකාශය මගින්ම කියා මැතිවරණය සඳහා ඉදිරිපත් වෙන්න ඕනෑ... ඊළඟට විගණන නිර්දේශ ක්‍රියාත්මක නොකරන නිළධාරින් සේවයෙන් පහකල යුතුය. එහෙම තරමක් හෝ දරදඬු පාලනයක් නැතුව ලංකාව හදන්න බැහැ. තවත් එකක් රජයේ සේවය සඳහා බඳවා ගැනීමට ඉල්ලුම්පත් කැඳවන අවස්ථාවේ මෙම කොන්දේසි යටතේ අයැදුම්පත් කැඳවීමටත් කටයුතු කරන්න ඕනෑ වර්තමානයේ තම තමන්ගේ කැමැත්තෙන් සේවයට ගිය නිලධාරි මෙන්ම සේවකයින් ආණ්ඩුව බලයෙන් සේවයේ යොදාගෙන ඉන්නවා වගේ හැම වෙලාවේම ප්‍රශ්නයක් හදාගෙන වැඩ කටයුතු පසෙකලා වර්ජන තර්ජන කරනකොට එහෙම නොකර බැහැ. ඒ සමගම ආයතන සංග්‍රහයේ රෙගුලාසි නීතියක් බවට පත්කිරීමට කටයුතු කරන්නත් ඕනෑ...
හරි ෂෝක් මෙහෙම 2048 වෙනකන් ගියොත් ලස්සනට තියේවි... වංචා, දූෂණ වලට තිත තියෙන ආණ්ඩුවක් පත්කර ගත්තේ නැතිනම් රටට දෙවියන්ගේම පිහිටයි.
හොඳම දේ ඉන්න නිලධාරීන් ටික අයින් කරලා වැඩ කරන පිරිසක් දාන එකයි.
අපි මේ ගැන නොයෙක් වර කියා ඇතත් වැඩක් වුනේ නැත. දැන්වත් බලමු මොකද වෙන්නේ කියලා...
රට විනාශ කළේ දේශපාලුවෝ විතරක් නොවන බවට හොඳම උදාහරණයක්. නිලධාරීන්ගේ පටන් වගකිව යුතුයි.
1977 ට පස්සේ අවුරුදු 40 කට වඩා කාලයක් රට විනාශ කරලා බංකොළොත් වුණේ විනයක් නැති නිසා තව ඡන්දෙ දුන්නා නම් රට විනාශම කරාවි...
නුඹලා පුළුවන් හැටියට ගසාකාපල්ලා... අපිත් පුළුවන් හැටියට ගස්සගෙන කනවා. අපි නුඹලා ගැන හොයන්නේ නැහැ. නුඹලාත් අපි ගැන හොයන්න එපා. මහින්ද චින්තනයේ ප්‍රසිද්ධ රහස ඕකයි.
අළුත් ආණ්ඩුවක් හදාගෙනම වැඩේට බහිමු. මේ හොරු ඉන්නකල් හොරු අල්ලන්න බැහැ. ඔවුන් එකාට එකා දම්වැලක් වගේ සම්බන්ධයි.
ඒ වුණාට ඔය පිං ජනා කියවන්නේ වංචා, දූෂණ හොයන්න පට්ට කමිටුවක් හදලා මහා පරිමාණයේ වැඩ පිළිවෙලක් කරගෙන යනවා කියලා. ඉස්සෙල්ලාම එයා තමයි ඇතුළට යවන්න ඕනෑ. විගණකාධිපතිවරයා වසර ගණනාවක් තිස්සේ කියන්නේ මේ පැහැර හැරීම පිළිබඳව. මේවා නොකෙරෙන්නේ හැම එකාම ගෑවිලා තියෙනවා වංචා වලට...
දූෂණ චෝදනා නොමැති පාලකයෝ රටට බිහිවෙනකන් රට ගොඩගන්න බැහැ.
විගණකාධිපති වරයාගේ නිර්දේශ ක්‍රියාත්මක කෙරුවෝත් කොහොමද ඒ අය හොරාකන්නේ...? මේවා හොයලා මේවා නවත්තන්න පුළුවන් කොන්දක් ඇති රජයක් මේ පාරවත් පත්කර ගම්මු.
අනාගත ජනතාවාදී රජයක් විසින් මෙම නියෝග ක්‍රියාත්මක නොකළ නිලධාරීන් දූෂිතයින් ලෙස සලකා දඬුවම් දිය යුතුයි.
නිලධාරීන් බය නෑ. මොකද ඔවුන් හොරාකන්නේ මැති ඇමැතිලාත් එක්ක හවුලේ...
නිමල් කියන්නේ සහතික ඇත්ත මමත් රජයේ සේවයේ හිටපු කෙනෙක් හැටියට නිළධාරි විගණන විමසුමක් ලැබුනොත් බියවෙන ආකාරය හොදින්ම දැක්කා .නිමල් කියන ආකාරයට රජයේ නිළධාරින් හා සේවකයින් සදහා බදවා ගැනීමේ සිට හරියාකාරව පුහුණුවක් නොදී සේවයේ යෙදවීම මෙහෙම දේවල් වෙන්න හේතු වෙනවා පත්වීම් ලිපියේ කොන්දේසි යටතේ ආයතන සංග්‍රහයේ රෙගුලාසි මුදල් රෙගුලාසි හා චක්‍රලේඛ අනුව කටයුතු කරන්න කිව්වට විගණනයක් කියන්නෙ මොකක්ද කියලා වත් රජයේ සේවයේ සියයට 99.999 ක්ම දන්නෙ නැහැ ඒ හැර දේශපාලුවො උන්ගෙ හෙංචයියො කාර්‍යාල කම්කරුවන් හැටියට උසස් පෙළ සමතුන් සේවයේ යොදවන්නෙ විභාග නොතියා අනාගතයේ උසස් වීමට පහසුකම් ඇතුව තමයි ඒත් ඔවුන්ටත් කිසිම පුහුණුවක් දෙන්නෙ නැහැ රාජ්‍ය සේවයේ කාර්‍යක්ෂමතාවය ඇතිකිරීමට නම් බදවා ගැනීමේ සිට ප්‍රමාණවත් කාලයක් (මාස තුනක් මදි) පුහුණුවක් දීමට කටයුතු කරන්න ඕන සාමාන්‍යයෙන් ගුරු .පොලිස් සමුර්ධි .සංවර්ධන නිළධාරි වගේ බොහොමයක් සේවාවන් සසදහාත් විශේෂයෙන් දීප ව්‍යාප්ත සේවාවන් සදහා මෙවැනි පුහුණුවක් නොදීම මෙහෙම දේවල් සිදුවීමට බලපානවා
සමහරු හිතන් ඉන්නෙ රට හදන්න බැරි වෙලා තියෙන්නෙ නිළධාරින් හොරකම් කරන නිසා කියලා. ඒත් ඒ තනතුරු වලට නිළධාරීන් පත් කලේ කවුද? දූෂිත දේශපාලකයන් විසින් ඉහළ තනතුරු වලට පතකරන්නේ දූෂිත නිලධාරින් විතරයි. අවංක නිළධාරින්ව පැත්තකට කරනවා. මේ ආණ්ඩුවේ ඉන්නවා අප්‍රසන්න ඇමති කෙනෙක් අවංක නිලධාරියෙක් දූෂිත ගනුදෙනුවකට සහාය නොදීම නිසා අතපය කඩන බවට තර්ජනය කර උසාවියේ වැරැදිකාරයා වෙච්චි. අවංක දේශපාලකයෝ නැතුව රටක් හදන්න බෑ. සිංගප්පුරුව ගොඩ ගියේ අවංක දේශපාලකයින් නිසා...
රට කාලා බංකොලොත් කරලා අපිට යන එන මං නැති කළා...
ජාතික ජනබලවේගයේ රජයක් යටතේ ඔය කියන නියෝග සියල්ලම වහාම ක්රියත්මක වෙනවා. අනිවාර්යයෙන්ම .
වංචා දූෂණ නැති නායකත්වයක්, ආණ්ඩුවක් පත් කරගන්න කතා කරනවා මෙතන ගොඩක් අය. ඒත් එයාලා දන්නේ නෑ එයාලා හොඳයි කියලා හිතන් ඉන්න නායකයෝ, කණ්ඩායම් සියල්ලේම කිල්ලෝටවල හුණු තියෙන බව ආණ්ඩු බලයක් නැතුවම. ජේවීපී එක පාලනයක් බාර අරන් කරපු එකම ආයතනය තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව. මොකද එතන එයාලා කලේ. මේ සෙල්ලමම තමයි. ටෙන්ඩර් නැතුව තමුන්ගේ පක්ෂයේ හිතවතුන්ට සියළුම කොන්ත්‍රාත් දුන්නා. කිසිම විඝණනයක් නෑ. අන්තිමේදි දකුණු පළාත් ලේකම් නඩු දාලා තමන්ගේ පාලනයට ඒක ගත්තා. ඒත් යනකොට ගියෙත් ප්‍රාදේශීය සභාවේ ජෙනරේටර් එකත් අරගෙන. ඔන්න අවංකයි කියලාපම්පෝරි ගහන අයගේ කෙරුවාව. එයාලගේ අවංකකම ගැන අහන්න ඕනේඒ පළාතේ මිනිස්සුන්ගෙන්.
රනිල් වගේ දුුර්වල මිනිහෙක් ඉන්නකම් මේවා වෙන්නේ නැ