( +++ ආරියරත්න රණබාහු)
දූෂණ චෝදනා එල්ලවී ඇති පුද්ගලයන් රජයේ තනතුරුවලට පත් නොකිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන තිබූ තීරණයට පටහැනිව කර තිබූ පත්වීමක් අවලංගු කර ඇත.
ඒ අනුව රාජ්‍ය මාධ්‍ය ආයතනයක ඉහළ තනතුරකට පත්වූ නිලධාරියකුගේ පත්වීම අවලංගු කරන ලෙස එම ආයතනය බාර අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අදාළ ආයතනයේ සභාපතිවරයා වෙත දැනුම්දී තිබේ.
පසුගිය දෙසැම්බර් 27 වැනිදා මොහු ඉහළ තනතුරකට පත් කරනු ලැබූ නමුත් ඔහු ඉවත් කිරීමේ ලිපිය දෙසැම්බර් 31 වැනිදා යවා ඇත.
අදාළ නිලධාරියා එම තනතුරින් ඉවත් කළ බව ජනාධිපති ලේකම්වරයාට සහ තමාට දැනුම් දෙන ලෙසද අමාත්‍යාංශ ලේකම්වරයා මාධ්‍ය ආයතනයේ සභාපතිවරයාට යවා ඇති ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රවෘත්තිය දැක්ක ගමන් මට එකපාරටම ෂොක් එකක් වැදුනා වගේ වුනා. කොයි ඇමතිද අයින් කළේ කියලා. බැලින්නම් ඇමති කෙනෙක් නෙමෙයිනේ....
ඔය ආකාරයටම සියලු අංශයන්හි ඊට ඉහල තනතුරු සුද්ද කළොත් කාටද ආඩම්බර? මොකද ගඟ වේගයෙන් පහලට ගැලීම නතර නොකලොත් පාංශු ඛාදනය වෙනවා. වැඩිපුර ප්‍රතිඵල ලබන්නනම් ඉහළින්ම තමා නතර කරන්න ඕනෑ. ප්‍රයෝගික උදාහරණයක් ලෙස විමලසුරේන්ද්‍ර බලාගාරය.
එතකොට අර ජයසුන්දර මහත්තයා පිළිබඳව ඔහු කිසිදු රාජ්‍ය තනතුරකට පත් නොකරන ලෙසට අධිකරණයෙන් දී ඇති තීන්දුවයි දැන් පත්කර ඇති තනතුරයි ගැන මොකද කියන්නේ ? අපේ වීරවංශ මහත්තයාගේ වචනවලින් කියන ආර්ථික ඝාතකයා ගැන දැන් කථා නැහැ නේද?
දුෂණ චෝදනා තියන මන්ත්‍රීවරුන්ට දීපු ඇමතිකම් ගැන නැවත සලකා බලන්නේ නැද්ද ??
කවුරු ගැනද මේ කියන්නෙ?
තාම වාදක කණ්ඩායමේ සින්දු විතරයි... මැයිවලින් පස්සේ බලන්න පුළුවන් හොඳ හොඳ බයිලා සින්දු ටිකක්.
දැනටමත් හුඟක් තනතුරු දරන මැති, ඇමැතිවරු, නායකයින් පවා මහා පරිමාණයේ දූෂණවලට ලක්වුණු අය තමයි.
අදාල පුද්ගලයා යකඩ යකෙක් යන පාරක පීලි විකුණන්න උත්සාහ කළ කෙනෙක්...