(රංජන් කස්තුරි)

රටපුරා දුෂ්කර පාසල්වල දරුවන්ට නොමිලයේ දිවා ආහාරය ලබාදීමට ‘‘රටේ දරුවෝ මගෙත් දරුවෝ‘‘ නමින් වැඩසටහනක් සිංගියුලරිටි ශ්‍රී ලංකා ආයතනය සහ සර්වෝදය ව්‍යාපාරය ඒකාබද්ධ ආරම්ඛ කර තිබේ.

එම වැඩසටහන යටතේ දරුවන්ට දිනපතා සමබර ආහාරවෙලක් පාසල් පරිශ්‍රයේ දී ලබාදෙන බව ද එම වැඩසටහන ඉකුත් දා කොළඹ මෝදර ප්‍රදේශයේ පාසලකින් ආරම්භ කළ බව ද සිංගියුලරිටි ශ්‍රී ලංකා ආයතනයේ නිර්මතෘ මංජු නිශ්ශංක මහතා පැවැසීය.

ඒ අනුව මෝදර ප්‍රදේශයේ පිහිටි සිසුන් 126 දෙනකු සිටින පාසලක දරුවන් සියලු දෙනාට තම සංවිධානය ඒකාබද්ධව නොමිලයේ දිවා ආහාරය ලබාදෙන බව මංජු නිශ්ශංක මහතා සඳහන් කෙළේය.