(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත සහ සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (8) සිය සහතිකය සටහන් කළේය.
මේ අනුව එම පනත් කෙටුම්පත් දෙක අද සිට බලාත්මක විය.
දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත සහ සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී ඊයේ (7) වැඩි ඡන්දයෙන් සම්මතවිය.
පනත් කොටුම්පත් දෙක පිළිබඳ විවාදය ඊයේත් (07) සහ පසුගිය (06) වැනිදාත් පැවැත්විණ.
ඒ අනුව මෙම පනත් 2023 අංක 14 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත සහ 2023 අංක 15 සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනත වශයෙන් බලාත්මක වනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd