IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ විදුලිය කපයි

(යොහාන් භාසුර)

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොළඹ 2 පිහිටි ප්‍රධාන කාර්යාලය ආසන්නයේ කුලී පදනම මත ලබාගෙන ඇති ‘ස්කවුට්’ ගොඩනැගිල්ලේ විදුලි බිල නොගෙවීම හේතුවෙන් අද (20) පෙරවරුවේ විදුලිය විසන්ධිකිරීම නිසා එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට රාජකාරි කිරීමට නොහැකි වූහ.

මෙම ගොඩනැගිල්ලේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 150 ක් පමණ සේවය කරන බවත් එම සියලුම නිලධාරීන් අද දිනයේ ගොඩනැගිල්ලෙන් පිටතම රැදී සිටියහ.

මාස දෙකක පමණ කාලය තුළ මෙම ගොඩනැගිල්ලේ විදුලි බිල නොගෙවීම නිසා විදුලි විසන්ධි කළ දෙවැනි අවස්ථාව මෙය වන අතර මෙහිදී රුපියල් ලක්‍ෂ 9 ක විදුලි බිලක් ගෙවීම පැහැර හැර ඇති බව වාර්තා වේ.

විදුලිය විසන්ධි කිරීමත් සමඟ විදුලි ආලෝකය, පරිගණක පද්ධතිය, ජල සැපයුම සහ විදුලි පංකා ඇතුළු සියලු සැපයුම් විසන්ධි වීමෙන් එහි සියලුම දෙනා දැඩි අපහසුතාවට පත්වූ බව එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.

මීට මාස දෙකකට පමණ පෙර ද රුපියල් ලක්‍ෂ තුනහමාරක පමණ විදුලි බිලක් ගෙවීම පැහැර හැරීම නිසා විදුලි විසන්ධි කිරීමෙන් පසුව රුපියල් 60,000 ක ඉන්ධන වැය කරමින් විදුලි ජනන යන්ත්‍රයකින් විදුලි ලබාගත් බව ද එම දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති පවසයි.

 



අදහස් (2)

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ විදුලිය කපයි

don Tuesday, 20 September 2022 10:46 PM

බිල් නොගෙවන්නේ නම් වහාම සෝභිත හිමිගේ සුඛෝපභෝගී බංගලාව ඇතුළු ඕනෑම ස්ථානයකට විදුලිය විසන්ධි කරන්න. දුප්පත් මිනිස්සුන්ට තවත් මේ බර දරාගන්න බෑ.

:       0       3

Viraj Perera Wednesday, 21 September 2022 07:43 AM

මේ ඇහේද්දි රටවල් අපිට හිනාවෙයි.

:       2       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 359 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 214 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site