IMG-LOGO

දේශීය අල,ලූනු ගොවීන් රකින්න සහතික මිලක්

(අංජුල මහික වීරරත්න)

දේශීය අර්තාපල් හා ලොකු ලූනු මිල අඩු වුවහොත් ගොවීන්ගෙන් නිෂ්පාදන මිල දී ගැනීමට රජය මැදිහත් වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

එලෙස මිලදී ගැනීමේදී අවම සහතික මිලක් නියම කරන බව ද අමාත්‍යවරයා කීය.

මේ දේශීය අර්තාපල් හා ලොකු ලූනු අස්වනු නෙලන කාලය වුවත් ඒවා තවමත් විදේශ රටවලින් ආනයනය කරතියි ගොවීන් කරන චෝදනා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කෘෂිකර්ම අමාත්‍යවරයා මෙි බව සඳහන් කළේය.

දේශීය අර්තාපල් හා ලොකු ලූණු ගොවීන් කිසිසේත්ම අසීරුතාවයට පත් කිරීමට රජය ඉඩ නොතබන බවත් රජයේ වගකීම ගොවි ජනතාව මෙන්ම පාරිභෝගිකයා ද ආරක්ෂා කිරීම බව කී අමාත්‍යවරයා ගොවි නිෂ්පාදන සඳහා අවම සහතික මිලක් ලබා දෙන අතරම පාරිභෝගිකයාට ද අවම මිලකට ආහාර ද්‍රව්‍ය මිල දී ගැනීමට අවස්ථාව සැලසීම රජයේ වගකීම බව පැවසීය.

 



අදහස් (2)

දේශීය අල,ලූනු ගොවීන් රකින්න සහතික මිලක්

පුරවැසියා.... Friday, 12 August 2022 12:03 PM

අමාත්‍යතුමා, ගොවියා මෙන්ම පාරිභෝගිකයින් ගැනද විශේෂ අවධානය යොමු විය යුතු අතර සෑම ආහාර වර්ගයකම අසාමාන්‍ය ලෙස මිල ගණන් ඉහළ දැමීමට ඉඩ නොදිය යුතුයි. උදා: සහල් මිල ගණන් මහා පරිමාණ සහල් මෝල් කරුවන් විසින් හිතුමතේ ඉහළ දැමීම හේතුවෙන් අද වනවිට පාරිභෝගිකයාට සහල් මිල දරාගත නොහැකි තත්ත්වයකට පත්ව ඇති බව පෙන්වා දිය හැකිය. සහල් ආනයනය කොට හෝ මිල ගණන් පහළ දැමීමක් වියයුතු බව ජනතාවගේ මතයවී ඇත.

:       1       4

ලසන්ත Friday, 12 August 2022 03:12 PM

ඇමතිතුමෝ දේශීය ලොකු ලූනු රට ලූනු තරම් වියලිව එන්නෙ නැහැ .කොළ අමුවෙන් තියෙද්දි ගලවන නිසා ලූනු ඉක්මනින් කුණුවෙනවා ඒ ගැන ගෝවීන් දැනුවත් කරන්න .කොහොමත් අමු ලූනු බර වැඩිනිසා කොළ මැරෙන්න පෙර ගලවනවාද දන්නෙ නැහැ .තවත් පිරිසක් කියනවා ආනයනය කලාම රේගු ආදායම් ලැබෙනවා කියලා .දේශීය අර්තාපල් වලට ජනතාව කැමතියි නමුත් දේශීය ලොකු ලූනු වලට කැමැත්ත අඩුයි.ප්‍රතිපත්ති තීරණය කිරීමේදී මේ ගැන බලන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 284 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 457 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site