(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට කොම්පඤ්ඤවීදිය පෙරහර මාවතේ දී පහර දීමේ සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයකු කොම්පඤ්ඤවීදියේ දී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි
අත්අඩංගුවට ගත් සැකකරු 21 ක් හැවිරිදි පරිගණක තාක්ෂණ ශිල්පියෙකි
ඉකුත් දහවෙනිදා තෙන්නකෝන් මහතා කොළඹ 2 පෙරහර මාවතේ සිය වාහනයෙන් ගමන් කරමින් සිටියදී මෙම ප්‍රහාරය එල්ල වීය
ඒ සම්බන්ධයෙන් මීට පෙර පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි
පහරදීමට සම්බන්ධ තවත් පුද්ගලයන් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇතැයි උසස් පොලිස් නිලධාරියකු පැවැසීය
කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සලම් ද සිල්වා මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පවත්වයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට මෙතුමාට ස්ථාන මාරුවක් කළා නේද? ඒක ක්‍රියාත්මක කරන්නේ නැද්ද?
හීන මානසිකත්වයක් ඇති මෙවැනි ගොන් පාට් චණ්ඩින්ව හුරතල් නොකර දැඩි දඬුවම් දිය යුතුයි. එසේ නොමැති වුවහොත් නීතියට ඇති බිය පහව යෑමෙන් සියල්ලෝම නීතිය අතට ගැනීමෙන් සාමාන්‍ය මහජනතාවට විශාල දුෂ්කරතා වලට මුහුණ දීමට සිදු වේවි.
හ්ම්... ඒත් මිනිස්සු සිය ගාණකට පහර දෙන්න අවස්ථාව හදලා දුන්නු දේශබන්දුලා තවමත් නිදැල්ලේ..!
ඒක හොඳයි. දේශබන්දුට නීතිය අතට ගන්නත් බෑ... කොම්පියුටර් කාරයෙකුටත් බෑ.