(ඉන්දිකා රාමනායක)
බස්නාහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ පොලිස් අධිකාරිවරයකුට සහ තවත පොලිස් නිලධාරීන් දෙදෙනකුට ඉකුත් මැයි මස (10) දින කොල්ලුපිටිය පෙරහැර මාවතේ, මැටිපාර්ක් ක්‍රීඩාංගනය අසල ධි පහර දී තුවාල සිදුකර, පොලිස් කැබ් රථයකට ද හානි කිරීමේ සිද්ධියට අදාල සැකකරුවන් කිහිපදෙනකුගේ අනන්‍යතාව තහවුරු කර ගැනීම සදහා කොළඹ අපරාධ කොට්ඨාසය මහජන සහය පතයි.
සිද්ධියේ නිවැරදි අපරාධකරුවන් හඳුනාගනිමින් අවශ්‍ය නෛතික පියවර ගැනීම සදහා පොලිස් මුලස්ථානය මෙම පුද්ගලයන් ගේ ඡායාරූප රැසක් ඡායාරූප අද (4) මාධ්‍ය වෙත මුදාහැර තිබුණි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, සිදුවීමට අදාල සමීප ආවේක්ෂණ දර්ශන වීඩියෝ දර්ශන ඇසුරින් මෙම ප්‍රධාන ක්‍රියාකාරීන් අනන්‍යතාව තහවුරු කර ගැනීමට අවශ්‍ය බව පොලිස් මුලස්ථානය පවසයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර සැකකරුවන් කිහිප දෙනකු අත්අඩංගුවට ගෙන ඔවුන් රිමාන්ඩ් බාරයට පත් කර ඇත.
පොලිසිය මාධ්‍ය වෙත නිකුත් කළ මෙම ඡායාරූප වල සිටි පුද්ගලයන් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් 0718591735, 0718592735, 0718591733 යන අංක ඔස්සේ දැනුම් දෙන ලෙසට පොලිස් මුලස්ථානය ඉල්ලා සිටියි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය විදිහට නිර්පාක්ෂික අරගල භූමියේ හිටපු අයට අමානුෂික විදියට පහරදීපු අයවත් හොයාගන්ඩ පුළුවන් වුණානම් හොඳා.
ඊට කළින් දේශබන්දුව උසාවියට බාරදුන්නා නම් හොඳයි නේද?
දේශබන්දු වෙන්න ගිහින් ගුටි කෑවා. නිකම්ම නිකං තෙන්නකෝන් වුණානම් ඔහොම වෙන්නෙ නැහැ.
පින්තූරයත් අතේ තියෙද්දී මිනිහව අල්ල ගන්න බැරිනම් මොන කෙහෙල්මලකටද පින්පඩි ගෙවලා පොලිසියක් තියාගෙන ඉන්නේ? මේ යන විදිහට කොළඹ අපරාධ කොට්ඨාශයේ ඉන්න ඔක්කෝටලාම දේශබන්දු කෑල්ල දාන්න වෙනවා.
ඔය ගුටියක්, දෙකක් කෑවට මොකද?
ඕවාට නම් මහජනයාගෙන් සහයෝගය ලැබේවි කියලා හිතන්න අමාරුයි...!
මැදමුලනේ පොඩ්ඩක් චෙක්කරලා බලන්න...
ගෝල්ෆේස් එකේ මරලා දාල හිටපු අයගේ මිනීමරුවන් හොයන්නවත් මැයි 9 වැනිදා අරගලකරුවන්ට පහරදීමේ වගකිය යුත්තන් අත්අඩංගුවට ගන්නවත් පොලීසියට හදිස්සියක් නෑනේ. ඒ මොකද?
අනේ බලාගෙන ඉන්නකෝ... මිනිස්සු කියයි මේන් තියලා... ඇයි එදාම මහලොකුවට අල්ලගත්තේ කට්ටියම...? එයාලා නෙවෙයිද? තව කට්ටියක් අල්ලන්න ඕනෑ වෙලා නඩුවක් හදනවද? එතකොට දේශබන්දුව අල්ලන්නේ නැද්ද... නිරායුධ අරගලකරුවන්ට පහර දීම සම්බන්ධව...?
දේශබන්දු මහතාට කියන්න මොවුන් අල්ලා ගැනීමට ඔත්තුව දෙන කෙනෙකුට මුදලින් තෑග්ගක් දෙනබව. ඕවා පිනට කෙරන්නේ නැහැ.