(නිමන්ති රණසිංහ)
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පහරදී තුවාල කළැයි කියන සැකකරුවන් තිදෙනා ලබන 19 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (12) නියෝග කළේය.
මෙම සැකකරුවන් එදිනට හදුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීම සඳහා ආවරණ සහිතව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද මෙහිදී මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාරයට නියෝග කළේය.
මෙම සිද්ධියට අදාළ හදුනාගැනීමේ පෙරට්ටුව අද (12) දිනයේ පැවැත්වීමට නියමිතව තිබුණද, මෙහි ප්‍රධාන සාක්ෂිකරු වන පොලිස් රියැදුරා පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබන බැවින් හදුනාගැනීමේ පෙරට්ටුව කල් දමන ලෙසට කොල්ලුපිටිය පොලීසිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා එම පෙරට්ටුව කල් තැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බිය නැතිව උසස් පොලිස් නිලධාරීයෙකුට පහර දෙන්නේ හොඳටම පිරිහුණු මිනිසුන්... ඒ අත තිබ්බේ රටේ නීතියට.. ඔහු හරිද වැරදියිද කියන එක වෙනම දෙයක්. නමුත් ඔහු පොලිස් නිලධාරියෙක්. සමාජයේ පිරිහීම තමයි. සියලු දේශපාලකයිනුත් සාමාන්‍ය ජනතාවත් වගකිව යුතු සියලු දෙනාත් එකතු වී තමන් කැමැති කෙනා කරන වැරද්ද නොදැක අනිකාගේ වරද විතරක් දැකීමේ ප්‍රතිඵල තමයි මේ...!
ඒක වැරදි වැඩක්... මොකද ඒ වෙලාවේ ගහපු එක වැරැදියි.
තවමත් මේ රටට ආදරේ කරන, යුක්තිය වෙනුවෙන් ඉදිරිපත් වෙන දරුවෝ ඉන්නවා. නුඹලා අපිට ආඩම්බරයක්... මුළුරටම නුඹලා වෙනුවෙන් ඉන්නවා..!
දේශබන්දුගේ අණෙන් පහරකාපු අයට ඔය නීතියෙන් පිහිටක් නැද්ද?