
(සුජිත් හේවාජුලිගේ)
දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට තුන්වේලම ගෙදරින් කෑම ගෙන ඒමට එහි අධිකාරීවරයා අවසරදී ඇත.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වූ බන්ධනාගාර කොමසාරිස් ගාමිණී දිසානායක මහතා පැවසුවේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කොන්දේසිවලට අනුගත වෙමින් ආහාර ගෙන ඒම කළ යුතු බවයි.
අධිකාරිවරයා නියම කරන වේලාවටම කෑම රැගෙන ආ යුතු බවද ඔහු සඳහන් කළේය.
ඔහුගේ මෙම ඉල්ලීමට අනුමැතිය ලැබීමත් සමග බන්ධනාගාරයෙන් ආහාර සැපයීම සම්පූර්ණයෙන්ම නතර කෙරෙන බව බන්ධනාගාර කොමසාරිස්වරයා සඳහන් කළේය.
තමාට පිටතින් ආහාර ගැනීමට අවසර දෙන්නැයි හිටපු පොලිස්පති දේශපන්දු තෙන්නකෝන් මහතා දුම්බර බන්ධනාගාරයේ අධිකාරිවරයාගෙන් පසුගියදා ඉල්ලීමක් කළේය.
COMMENTS
දවස් 20ක් හැංගිලා ඉන්නකොටත් ගෙදරින්ද දන්නෑ කෑවේ??
හත්වලාමේ මෙච්චර කාලයක් කෑවේ ගෙදරින් නැතුව අල්ලපු ගෙදරින්ද දෙයි හාමුදුරුවනේ
දැන් ඉතින් බන්ධනාගාරය මේකා ගිලින ආහාර වලට වගකියන්න ඕනෑ නැති එක ලොකු දෙයක්
සිරකරුවොත් මනුෂ්‍යෙයා් වන බැවින් හැකි අය ගෙදරින් ගෙන්වා ගන්න. අවශ්‍ය නම් තනි කාමරයකුත් ඉල්ලා ගන්න සැමට එක නීතියක් තිබිය යුතුයි.
මූට වතුර ටිකක්වත් දෙන්න එපා ඒකත්. ගෙදරින් ගේන්න කියන්න. එයාට දැන්හොදට බ්ස්ට්ජ් මුලක් හදලා එවයි ගොඩක් කාලෙකින් හැංගිලා ගිය නිසා බිරිදගෙ කෑම කන්න බැරිවුනානේ. දැන් කරන්න ඕන. ආරක්ශක අංශයේ වැඩකරන කෙනාගේ බත් මුල ඔහුට දිලා මේ බත් මුල කට්ටිය බෙදා ගන කන්න.