(ඉන්දිකා රාමනායක)
අරලියගහ මන්දිරය හා ජනාධිපති ලේකම් කාර්යාල අසල සාමකාමි විරෝධතාකරුවන්ට ඉකුත් (9) දින පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ පැය 8 1/2 ප්‍රකාශ සටහන් කරගත් බව පොලිසිය කියයි .
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම් දීමකට අනුව ඊයේ (17) පස්වරු 4.00 ට පමණ ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණි අතර අද මධ්‍යම රාත්‍රී 12.30 දක්වා මෙම ප්‍රකාශ සටහන් කර ගැනීම සිදු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට වනසනවා...!
වෙන අය අත්අඩංගුවට ගන්නත්, මෙයා නොගන්නත් හේතුව මොකද්ද? නීති දෙකක්ද?
අවසානයේ තීන්දුව වනාහි 'වරද ගෝඨාගමේ ගුටි කෑ වැසියෝ. '
තේ බිබී කථා කරකර ඉන්න ඇති...!
දේශබන්දු නොව, මේ සිද්ධිය පටන් ගත් දේශපාලකයින් අත්අඩංගුවට ගත යුතුයි.
CID එකත් පොලිසියේම කොටසක්ද ? එසේ නම්, පොලිසියේ ඉහල නිලධාරින් එම තනතුරේම සිටියදී ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී නිසියාකාරව ඉටුවේද කියන ගැටලුව (බන්ධනයේ ගැටුම) තියෙනවා නේද ? සිදුවන පරීක්ෂණය පිළිබඳ සැකය පහල වෙන්නේ නැතිද?