
(ගයාන් සූරියආරච්චි)
මේ මාසය අවසන්වීමට පෙර පාතාලය නිහඬ නොවුණොත් ඊළඟ මාසය අවසන් වෙද්දී මත්ද්‍රව්‍ය හා පාතාලය මුළුමනින්ම තුරන්කරන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.
පොලිස්පතිවරයා මේ බව පැවසූයේ පාතාල මර්දනය සඳහා විශේෂයෙන් පුහුණු කරන ලද විශේෂ පොලිස් කණ්ඩායම් 20ක් අද (19) බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේදී පාතාල මර්දනයට විසුරුවා හැරීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිතවත් ආදරණීය පොලිස්පතිතුමනි, මානව හිමිකම් කණ්ඩායම්වලට ඇහුම්කන් දීමට අවශ්‍ය නැත. ආගමික හොරුන්ට ඇහුම්කන් දීමට අවශ්‍ය නැත. උසාවිවලට හෝ නීතියට ඇහුම්කන් දීමට අවශ්‍ය නැත. කරුණාකරලා ඒ හැමෝම මරන්න. නැත්නම් කිසිම විසඳුමක් නෑ. ඔවුන්ව හිරේ යවන එක මහ මෝඩ වැඩක්... වියදම බර සාමාන්‍ය ජනතාවට. මේ මැරයින් මරන එක පාපයක් නොවෙයි..
පොලිස්පති තුමාට අපගේ ගෞරව පුර්වක ස්තූතිය...! දේශපාලකයින්ට කොන්ද නමන්නේ නැතිව මේ පාතාලය, කුඩු මර්ධනය දිගටම කරගෙන යාම පිළිබඳව...
විශිෂ්ඨයි... ජාතියේම ප්‍රණාමය..!!!
පාතාලය අවසන් කිරීමට ඔබලා ගන්න සියළුම උත්සාහයන් පිළිබඳව අපගේ ස්තූතිය. නමුත් සමහර උසස් පොලිස් නිලධාරීන්, බන්ධනාගාර නිලධාරීන් දේශපාලකයින් ඇතුළු රටේ ප්‍රබල චරිත පවා පාතාලය සමග සම්බන්ධතා පැවැත්වීම ප්‍රබල ගැටළුවක් නොවේද ?
ඒ කියන්නේ මේ මාසේ සද්දෙ නැතුව ඉන්න කියලනේ.
මත්ද්‍රව්‍ය සහ පතාලය කරුණාකරලා මුළු රටෙන්ම තුරන් කර හරින්න.
දැන් ඉතිං පාතාලය ටික කලක් නිහඬවෙලා, ඉතා ඉක්මණින් නැවත වැඩ පටන් ගනිවී. මැතිවරණත් ළඟ එන නිසා දේශපාලුවන්ට පාතාලය ඉතා ඉක්මණින් ඕනෑ වේවි.
පොල්ලට ලොකු වළං තිබෙන්න බෑ. විශිෂ්ටයි. අපේ උත්තමාචාරය ඔබතුමාට.
කිය කිය ඉන්න දෙයක් නෑනේ. පුළුවන් නම් නවත්තල දාන්නකො මහත්තයො. ඔයාලට පඩි ගෙවන්නෙ ඒව නවත්තල දාන්න එක්ක තමයි. නැතුව එයාලට නවත්වන්න කියල කිය කිය ඉන්න නෙවෙයි.
හිතවත් ආදරණීය පොලිස්පතිතුමනි, කිය කිය ඉන්නනේ නැතුව, මානව හිමිකම් කණ්ඩායම්වලට ඇහුම්කන් දීමට අවශ්‍ය නැත. ආගමික හොරුන්ට ඇහුම්කන් දීමට අවශ්‍ය නැත. උසාවිවලට හෝ නීතියට ඇහුම්කන් දීමට අවශ්‍ය නැත. කරුණාකරලා ඒ හැමෝම මරන්න. නැත්නම් කිසිම විසඳුමක් නෑ. ඔවුන්ව හිරේ යවන එක මහ මෝඩ වැඩක්... වියදම බර සාමාන්‍ය ජනතාවට. මේ මැරයින් මරන එක පාපයක් නොවෙයි..
ඔබ ගැන ප්‍රශ්න තියෙනවා තමයි. ඒත්ඔය කියන විදියට පුළුවන් නම් කරලාම පෙන්නන්න. කාලෙකට කලින් ගොඨා වැඩේ කලා.. ඒත් සහෝදරවරු නතර කළා... තමුන්ට පුළුවන්නම් නතර නොකරම වැඩේ කරන්න.. තවමත් ජේලර්ලාට මල් වඩම් තියනවා.
මේ මාසේ දිගට හරහාට මැරුවා වැඩිනේ... දැන් ඇති මේ මාසෙට. නිස්සබ්දව ඉඳලා ඊළඟ මාසේ ඉඳන් වැඩ පටන්ගනිල්ලා කියන්නේ. ඔවුන්ට බාරවෙන්න නෙවෙයි කියන්නේ... නියම පොලිස්පති...!
පාතාලය, කුඩු මේ තරම් රටේ ව්‍යාප්ත වෙනකම් බලන් හිටිය පොලිසියට අපගේ....... දැන් බොරුවට දඟලනවා හරියට පසුගිය කාලේ අඟහරු වල ඉඳලා ආවා වගේ. පොලිසිය තමන්ගේ රාජකාරිය හරියට කෙරුවනම් ආයේ බැනර් ගහගෙන මේවා කරන්න ඕනේ නෑ. ගන්න පඩියට හරියට වැඩ කෙරුවනම්...මේක හරියට තමන්ට අයිති නැති රාජකාරියක් කරනවා වගේ මේ කරන්නේ. රටවැසියන්ගේ පුර්ණ සහයෝගය මේකට ලැබෙනවා නමුත් හැමදාම මිනී මැරුම් තමයි අහන්න ලැබෙන්නේ..
මාධ්‍ය සංදර්ශන පවත්වන්න කලින් අර සීඅයිඩී එකේ තියාගෙන ඉන්න කුඩු සලිඳුවයි, හරක් කටාවයි උසාවි දාලා ඉන්නකෝ...!
තේරෙන භාෂාවෙන්ම උත්තර දෙන්න...