(නිමන්ති රණසිංහ)
ජනාධිපති මන්දිරයෙන් සොයාගත් මුදල්වලට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට දුරකථන ඇමතුමක් ලබා දී ඇති බවට දුරකථන විශ්ලේෂණ මගින් අනාවරණය වී ඇතැයි පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.එස්. වික්‍රමසිංහ මහතාඅධිකරණය හමුවේ අද (12) දැනුම් දුන්නේ ය.
අරගලකරුවන් ජනාධිපති මන්දිරයෙන් සොයාගෙන කොටුව පොලිසිය වෙත භාර දුන් රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයකට අධික මුදල් අධිකරණයට ඉදිරිපත් කිරීමට ප්‍රමාද වීම පිළිබඳව සිදුකරන ලද විමර්ශනයන් සම්බන්ධයෙන් වූ වාර්තාව පොලිස් විශේෂ විමර්ශන ඒකකය අද (12) කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවේ ඉදිරිපත් කළ අවස්ථාවේ දී මෙම කරුණු ඉදිරිපත් විණි.
මෙම සිද්ධියට අදාළව අධිකරණයෙන් ලබාගත් නියෝගයක් මත දුරකථන ඇමතුම් විස්තර වාර්තා ලබාගෙන විමර්ශන සිදුකළ බවත් එහිදී මෙම කරුණු හෙළි වූ බවත් ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා අධිකරණයට දැනුම් දුන්නේය.
මේ සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලීසියට ප්‍රකාශයක් ලබාදී ඇති අතර එම ප්‍රකාශය මගින් තමා කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයාට දුරකතනයෙන් කතා කළ බවට පිළිගෙන ඇති බවත් එහෙත් අදාල මුදල් සම්බන්ධයෙන් ගත යුතු පියවර පිළිබඳව කොටුව ස්ථානාධිපතිවරයාට උපදෙස් දීමක් සිදු නොකළ බවත් සඳහන් කර ඇතැයි පොලිස් විශේෂ විමර්ශන ඒකකය අධිකරණයට ප්‍රකාශ කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු සිදු කරන අතර එහි ප්‍රගතිය වාර්තා කිරීම සඳහා ඉදිරි දිනයක් ලබා දෙන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලීය
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරයා සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකර ලබන 26 වැනිදාට අධිකරණයට දැනුම් දෙන ලෙසට නියෝග කරමින් එතෙක් නඩුව කල් තැබුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතුමා කෝල් එකක් අරන් කතා කරල තියෙන්නේ කොටුව OIC මහත්තයාගේ දුක සැප සනීප අහන්නත් රටේ තියන ප්‍රශ්න ගැන කතාකරන්නත් ගෙදර දොරේ ප්‍රශ්නත් වෙන්න බැරිද? අවසානයේ ඒ ටිකම උත්තරේ නොවුනොත් තමයි පුදුමේ
මොහුට දේශබන්දු කියලා නම දැම්මේ කවුද? මොහුට ගැලපෙන්නේ දේශපාලු වැනි නමක්..
මේ වගේ අය නිසා තමයි මුළු පොලිස් දෙපාර්තමේන්තුවම ලෝකයා ඉදිරියේ හෑල්ලුවට ලක්වෙන්නේ...!
අයිතිකාරයා එනකන් ටිකක් බලන්න කියලා කියන්න ඇති... උසාවි දාන්න කලබල නොවී, එහෙම තමයි වෙන්න ඇත්තේ...?
මේ මුදල් සමුවීමත් අරගලයට සම්බන්ධයක් තියෙනවා. මේ සල්ලි පිටින් තමයි ගෙනත් තියෙන්නේ. නැතිනම් සල්ලි තිබුණු තැන පින්තූර ගහන්න තිබුණනේ. කට්ටියක් බිම වාඩිවෙලා ගණන් කරනවා මේකත්... අපහසුතාවයට පත්කරන්න ගහපු ගේමක්...
ඕක යටිමඩි ගහගෙන කොටසක් මටත් දෙන්න කියලා කියන්න ඇති.
ඒ සල්ලිත් අරන් නන්දසේනට එවන්න වෙන්නැති...
සාක්කුවට දාගන්න තිබුනු සල්ලි ටික පිට යන්න දුන්නේ ඇයි කියලා අහන්න කිසි කතාවක් නැතුව