IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


දේශබන්දුගේ චෝදනා හොයන කමිටුව පත් කිරීම 08වැනිදා

(සුජිත් හේවාජුලිගේ)

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි යෝජනාව සම්බන්ධයෙන් කරුණු විමසා බැලීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීම සඳහාවූ යෝජනාව පාර්ලිමේන්තුවට ලබන 8 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අනුව එම යෝජනාව සම්බන්ධයෙන් ඡන්ද විමසීමක්ද  එදින පැවැත්වෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි යෝජනාව ඇතුළත් අලුත්ම න්‍යාය පුස්තකය නිකුත් වීමෙන්  පසු එය  පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවියටද ඇතුළත් කරනු ලැබ ඇත.

එම කමිටුව  චෝදනා විමර්ශන කිරීමෙන් අනතුරුව දේශබන්දු තෙන්නකෝන් මහතා නෙරපීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත.

පොලිස්පති දේශපන්දු තෙන්නකෝන් මහතා නෙරපීමේ යෝජනාව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 115 දෙනෙකුගේ අත්සනින් යුතුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට පසුගියදාභාර දෙනු ලැබීය.

විසමාචාර සහ දූෂණ ධූරයේ බලතල අනිසිලිස පාවිච්චි කිරීම රාජකාරිය පැහැර හැරීම සහ පක්ෂග්‍රාහීව කටයුතු කිරීම යන චෝදනා හතර පදනම් කරගෙන මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.



අදහස් (1)

දේශබන්දුගේ චෝදනා හොයන කමිටුව පත් කිරීම 08වැනිදා

ජිල්බු Friday, 28 March 2025 09:13 PM

දැනටමත් වැරදිකාරයෙක් වෙලා දඩගහපු කෙනෙක්, විවිධ ආලේප ගල්වන්නෙක්, අරගල කරුවන්ට පහරදෙන්නෙක්, අරගල කරුවන්ගෙන් ගුටිකන්නෙක්, හොර ස්කාගාර හිමියෙක්, ඔය ඇතිද?

:       1       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 401 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 230 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1021 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site