(සුජිත් හේවාජුලිගේ)
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධූරයෙන් නෙරපීමේ යෝජනාව ගෙන එන ආකාරය ස්ථාවර නියෝගවලට පටහැනි බව සඳහන් කරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂවල නායකයින් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී විරෝධය පළකර ඇත.
සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායකයන් මෙසේ විරෝධය පළ කර ඇත.
මෙහිදී අදහස් දක්වා ඇති සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසා ඇත්තේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට විරුද්ධව මෙවැනි යෝජනාවක් ගෙන ඒමට විරුද්ධ නැතත් යෝජනාව ගෙන එන ආකාරය ස්ථාවර නියෝග වලට පටහැනි හෙයින් ඊට විරෝධය පළ කරන බවයි.
අධිකරණයේ විනිශ්චයට භාජනය වී ඇති කාරණයක් සම්බන්ධයෙන් විවාද කළ නොහැකි බවට පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 91 ඊ යටතේ පැහැදිලිව දැක්වෙන්නේ යැයිද එම පක්ෂ නායකයන් එහිදී පෙන්වා දී ඇත.
මේ අනුව එම පක්ෂවල විරෝධය පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී සටහන් කරගෙන ඇතැයි දැනගන්නට ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන රජයේ ප්‍රකාශකයකු පැවසුවේ අධිකරණය හමුවේ විනිශ්චයට භාජනය වෙන කාරණයක් සම්බන්ධයෙන් විවාද කළ නොහැකි බවට ස්ථාවර නියෝග වල සඳහන් වෙතත් කතානායකවරයාගේ අභිමතය පරිදි එවැනි යෝජනාවක් විවාදයට ගත හැකි යැයි යන වගන්තියද ස්ථාවර නියෝග වල පැහැදිලිවමසඳහන් වන බවයි.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විභාග කිරීම සඳහා කමිටුවක් පත් කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ලබන 8 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිතය.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධූරයෙන් නෙරපීමේ යෝජනාව ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් කතානායක වෛද්‍ය ජගත් ජගත් වික්‍රමරත්න මහතාට පසුගියදා බාරදෙනු ලැබීය.
පේරාදෙණිය පොලිස් වසමේ ගන්නොරුව කනිෂ්ඨ විද්‍යාලයට මැතිවරණ රාජකාරී සඳහා වාර්තා කළ රාජ්‍ය නිලධාරිනියකට හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණ
වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෝ චි මිං නගරයේදී ආරම්භ වන එ
ඡන්ද මධ්‍යස්ථාන ඡායාරූප ගැනීම සහ වීඩියෝ ගතකිරීම මෙන්ම ඒවා සාමාජ මාධ්‍ය ජාලාවල ප්‍රදර්හනය කිරීම තහනම් බවත් දුම්පානය සහ මත්ද්‍රව්‍ය පානය කරමින් ඡන්ද ම
ශ්‍රී ලංකාව, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් රටවල් ශ්‍රේණිගත කිරීමේ 4 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය.
වැලිකඩ බන්ධනාගාරයේ එල්. වාට්ටුව පිටුපස අපජලය බැස යන කාණුවක් අසල පස් ඉවත් කිරීමේදි 0.38 (විශේෂ) වර්ගයේ රිවෝල්වරයක් හමු වූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා විසින් ආරක්ෂාව ඉල්ලා කළ ඉල්ලීම සම්බන්ධයෙන් ඔහුට ඇති තර්ජන පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
දේශබන්දු යෝජනාවට පක්ෂ රැසකින් රතු එළියක්
NImal 1 Saturday, 05 April 2025 05:14 PM
මේ අයව හැකි ඉක්මණින් එළවමු...
Suneth Saturday, 05 April 2025 05:19 PM
159 පාවිච්චි කරලා දූෂිතයින් එලවමු. ජනමතය එයයි. එය සියල්ල අතික්‍රමණය කරයි...
සුද්දාSaturday, 05 April 2025 06:09 PM
සුනෙත්, අපි 159 බස්සමු 157ට. අර බිංගිරිය පැත්තේ ඇඟලුම් කම්හල් නිරීක්ෂණය කරන්න ගිය දෙන්නාව ගන්න බෑනේ. ඒ වගේම ඒ දෙන්නා ගැන හොයන එක යටගහපු එකත් දූෂිත කමක ලකුණු. එතකොට තව කීදෙනෙක් 157 න් පවා අයින් කරන්න වෙයිද දන්නේ නෑ. ඉතුරු කට්ටියට කියමු ඔය අලුතින් ඉන්න දූෂිතයින්වත් එළවන්න කියලා හොඳේ. ඔය අපි අර හොර උපාධි සහතික වලින් ඉන්නවා කියන අයව ගනින්නේ නැතුව කිව්වේ...!
සත්‍යපාල Saturday, 05 April 2025 07:52 PM
සුද්දා, ඔබ හරි, 159 ම එළවලා රනිලුයි සිරිසේනයි චන්ද්‍රිකයි ගෙන්නමු. එතකොට අපේ රට නැවතත් ගොඩ. සුඛිත මුදිත රටක්.
janahithaSaturday, 05 April 2025 08:46 PM
හා හා ඔය අර පොහොට්ටුව ගැනද කියන්නේ? හත්වලාමේ ඔහෙත් මිද්දෙනියේද ලඟදී ගමේ ගියැයි. සිල්ලර කතා නේ ඔහේ කියන්නේ."
Suneth Sunday, 06 April 2025 07:08 AM
ඒ තර්කෙට අනුව විපක්ෂෙ කීදෙනෙක්ව අයින් කරන්න වෙයිද? එතකොට විපක්ෂයේ බිංදුවක්ද?
nihal Saturday, 05 April 2025 05:37 PM
මේ ගැන මෙතරම් දුරදිග කතා කරන්නේ ඇයි? කෙළින්ම නෙරපා දමන්නේ නැතිව...
Rama Sunday, 06 April 2025 11:48 AM
නිහාල් ඔය ගැන දුරදිග බලන්න ඕනෑ වෙන මුකුත් නිසා නොවෙයි. නීතිය කියන දේ ඒ විදිහට ගෙනියනවා කියලා මේ පාර්ලිමේන්තුව පටන් ගත්තු නිසා. එහෙම දුරදිග නොබලා හිතුණු විදිහට කරපු කාලෙක තමයි ඔයාලාගේ රෝහණ විජේවීර සහෝදරයාවත් කනත්තේදීම නිකම්ම එලොවට ඇරියේ... අන්න එහෙම දේවල් නොවෙන්න තමයි දුරදිග බලලා සොයා බලලා නීතියට අනුව වැඩ කරන්න ඕනෑ...
ගුණරත්න Saturday, 05 April 2025 05:54 PM
අපේ රට ලොකු අර්බුදයක වැටීගෙන එන්නේ, බදු සංශෝධනයක් ගෙනාවොත් ආණ්ඩුවේ අයවැය බදු ඉලක්ක ඔක්කොම අවුල් වෙනවා, අලුතින් මුදල් මුද්‍රණය කරන්න වෙනවා, රුපියල පිරිහෙනවා, රටේ ඩොලර් ණයබර වැඩි වෙනවා, එත් ආණ්ඩුව ඒවා සම්බන්ධයෙන් නොවෙයි උනන්දුව, දේශබන්දුවෙක් පන්නන්න ප්‍රමුඛතාව දීල පාර්ලිමේන්තුව රැස්කරන්නත් අඬනවා. මොකක්ද මේ විකාරය...?
ලලනිSunday, 06 April 2025 08:30 AM
අනේ මේ ගුණරත්නට මොලයක් දෙන්නේ කව්ද? ඒක පාර්ලිමේන්තුවට ගෙනා එක් යෝජනාවක් මිස, ප්‍රමුඛ තාවය දැක්වීමක් නොවේ.
කපුරු හාමි Saturday, 05 April 2025 07:17 PM
සිද්දාලේප බන්දුවා කරපු දේවල් ගැන දන්නෝ හොන්දාකාරවම දනිති .වැරදි කළා නම් ස්වබාව ධර්මයෙන් හෝ අනිවාර්යයෙන්ම දණ්ඩුවම් ලැබෙයි
ජයනාාත් Saturday, 05 April 2025 09:01 PM
දැන් පේනවා නේද .. දේශබන්දු ට බොරුව ට බැන බැන ආරක්ෂා කරපු සෙට් එක..
Nihal Dharmatileke Sunday, 06 April 2025 01:18 PM
අපරාදයේ සහ දඬුවමේ ක්‍රියාත්මක විය යුතුයි. ඒ ගැන කතා දෙකක් බෑ.
රන්චා Sunday, 06 April 2025 04:36 PM
ඇත්ත. කතානායකට බලය තියෙනවා. විපක්ෂය ඒක දන්නේ නැද්ද? තාමත් හොරු රකින්න හදනවා වගෙයි..!
Sunil Jayasundera Monday, 07 April 2025 09:08 AM
මේ වෙලාවේ මුළු රටම දන්නවා දේශපන්දු කියන්නේ රටේ ද්‍රෝහියෙක්, ඔහුව ආරක්ෂා කරන්න කවුරු හරි එනවා නම් ද්‍රෝහියෙක් වෙන බව මුළු රටම දැනගන්නට ඕන එනිසා අපේ මුදල් නාස්ති නොකර වහාම දෝශාභියෝගයක් ගෙනල්ලා දේශපන්දුව අයිතිවාසිකම්ශ් විශ්‍රාම වැටුප් ආදිය අහෝසි කළ යුතු බවත් කිව යුතුයි එහෙම නොකළොතින් 159 තියාගෙන එය ආණ්ඩුවටත් අබසරණං
රාජු බායි Tuesday, 08 April 2025 11:35 AM
159 ක් තියාගෙන බබා හුකුං පාට් දාලා පසුවට කෙඳිරි ගාන්න නං එපා. අනික මේ රජය පත්කළේ අපිමයි, ගෙදර යවන්නේ ද අපිමයි.