
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධූරයෙන් නෙරපීමේ යෝජනාව පිළිබඳ විවාදයේදී ආණ්ඩුවේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ආන්දෝලනාත්මක කරුණු ගණනාවක් අනාවරණය කිරීමට සූදානමින් සිටින හෙයින් මැතිසබය අද දිනයේ උණුසුම් මුහුරුවරක් ගනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙම යෝජනාව සම්බන්ධයෙන් පැවැත්වෙන ඡන්ද විමසීමේදී ජාතික ජන බලවේගය සමග ජන බලවේගය සහ දෙමළ ජාතික සන්ධානය යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කර ඇති අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතය.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නෙරපීමේ යෝජනාව පිළිබඳ විවාදය අද පෙරවරු 10.00ට පමණ ආරම්භ වීමට නියමිතය. යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම පස්වරුවේ පැවැත්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර ගොඩාක් අමාරුවකින් පෙළුණු සුදු කබාය එන්නෙ නැතෙයි ? එයාවත් ගෙන්ව ගත්තනම් සෑහෙන දේවල් කියයි.
ඕක ඉක්මනට ඉවර කරලා පාර්ලිමේන්තුවේ කාලය මහජන සුභසාධනය සදහා වැය කරන්න. දැන් ඔතැන පොහොට්ටුවෝ මැරෙන්න හදයි. මොකද රාජපක්ෂලා කිව්ව නිසානේ මේ මෝඩයා ගැහුවේ