(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා පිළිබඳ විමර්ශන කරන මැතිසභා කමිටුව ඉදිරියේ වගඋත්තරකාර පොලිස්පති පාර්ශ්වයේ සහ පැමිණිලි පාර්ශවයේ සාක්ෂි මෙහෙයවීම අද (1) අවසන් විය.

දෙපාර්ශ්වයේම ලිඛිත දේශන 8 වැනිදා ප.ව. 3.30ට පෙර කමිටුව ඉදිරිපත් කරන ලෙස කමිටුව නිර්දේශ කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති හිටපු විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායක යන මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් යුතු පරීක්ෂණ කමිටුව ඊයේ (10) රැස් වූ අතර පැමිණිල්ලේ තවත් සාක්ෂිකරුවන් දෙදෙනෙකුගෙන්ද සාක්ෂි ගැනීම සිදු විය.