(සුජිත් හේවාජුලිගේ )
ප්‍රචණ්ඩකාරී න් විසින් විනාශ කරන ලද දේශපාලනඥයින්ගේ සහ ව්‍යාපාරිකයින්ගේ සියලු නිවාස ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් නැවත ඉදිකර දිය යුතු බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය
එසේ විනාශ කළ තනි තට්ටුවේ නිවාස තට්ටු දෙකටද තට්ටු දෙකේ නිවාස තට්ටු තුනටද නැවත ඉදිකළ යුතු බව හෙතෙම සඳහන් කළේය.
ජනතා නියෝජිතයින් මරා දැමීම, ඔවුන්ගේ නිවාස ගිනි තැබීම ප්‍රජාතන්ත්‍රවාදය නොවන බව පවසන මන්ත්‍රීවරයා ම්ලේච්ඡ අදහස් දරන පිරිස් පාලනය කළ යුතු බවද කියා සිටී.
එවන් ප්‍රජාතන්තවාදී නොවන කටයුතු වලට බියේ ජීවත් වීමට වඩා මිය යාම හොඳ බවත් මෙවැනි වාතාවරණයක් පවතින්නේ නම් අනාගත පරපුර දේශපාලනයට නොපැමිණෙනු ඇති බවත් ඔහු සඳහන් කළේය.
වජිර අබේවර්ධන මහතා මෙසේ පැවසුවේ පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට අධම දූෂිත දේශපාලනඥයින් විසින් රටේ තිබූ වටිනාකම, මහජන මුදල්, දේපළ සහ විශිෂ්ඨ සංස්කෘතිය හොරාකාපු එකට මොකක්ද කරන්න ඕනේ...?
ඔව් ඔව් ඔය කියන විදිහටම මිනිස්සු පුල පුලා බලාගෙන ඉන්නේ...!
ගෙවල් හදන්න කළින් ඔය ගෙවල් හදන්න සල්ලි ලැබුණේ කොහෙන්ද කියන එක හෙව්වොත් හොඳයි...
කිසිම ඡන්ද පදනමක් නැතිව අන්ත අසරණ විදිහට පරාජය වුණු පක්ෂයක ඇපවත් නැති කෙනෙකුගේ අඳෝනාවක්... පිනට ලැබුණු ඇමැතිකමක් අරන් මරු කියවනවා.
හොරකම් හා තක්කඩිකම් හොඳටම නැවත වෙයි... එතකොට... නේද මෙයා..?
කොහොමත් තට්ටු තුනක නොවෙයි, තට්ටු 10ක විතර උඩ ඉන්න එක ඇඟට ගුණයි. මතක තියාගන්න වජිර මහත්තයෝ්, ඔයත් දේශපාලනය කුණු බක්කියට වැටුණු පුද්ගලයෙක් කියලා. මොන තනතුරු දැරුවත් ඔයාටත් හොඳ නමක් නැහැ. මා දන්නා තරමින්.... මිනිස්සුන්ගේ වටිනාම දේ තමයි ආත්ම ගරුත්වය. ඒක ආරක්ෂා කරගන්න බැරිනම්, ඊට හොඳයි බෙල්ලේ ගලක් බැඳන් මහ මුහුදේ පණින එක...!
ගාල්ලේ හිටපු තමුන් කොළඹ කොල්ලුපිටියේ ගෙයක් ගත්තේ කොහොමද? ඒකට මුදල් ලැබුණේ කෙසේද? පැහැදිලි කරන්න...
පිං ආසනයක් අරගෙන දැන් කෑ ගහනවා....
අම්මේ ඉතින්.. සේනාධිපතිගේ අග්‍ර පුරෝහිත.. මෙන්න මිනිස්සු කොයි පැත්ත බලයට ආවත් කුට්ටිය ගෙදරට එනවා... බෝලයක් වගේ වෙලා තියෙන්නෙම ඉතින් හොඳට කාපු ඒවා නිසා තමයි. ඔහොම යමු මගෙ දෙයියෝ.. දරුවන්ටයි.. එයාලගේ දරුවන්ටයි.. එයාලගේ දරුවන්ටයි.. එහෙම කියලා හොඳට මේ රටෙන් හොරා කන්න.. අපි අපායේදී හම්බ වෙමු. `
ජනපතිවරයාගේ බලය තහවුරු වීම සඳහා මෙම දීමනාව අනිවාර්යයෙන්ම ලබාදිය යුතුව ඇත. කළගුණ සැළකීම ශ්‍රී ලංකා දේශපාලනයේ කවදත් අපි දැක ඇත්තෙමු. ඔබතුමන්ලගේ ප්‍රජාතන්ත්‍රවාදය ඔබලාගේ පැවැත්ම සඳහාම සිදුවෙමින් පවතියි. මෙම යෝජනාව ජනතා කැමැත්තද යන්න පළමුව සොයාබැලිය යුතුව ඇත...
තට්ටු 5-6 හෝටල් වගේ ගෙවල් ගහන්න තරම් සල්ලි නම් ඔහෙලගේ ගිණුම්වල ඇතිනේ... තවත් මංකොල්ල නොකා හදාගන්න. මෝඩ කතා කියන්නේ නැතිව...
ඔයාගේ සල්ලිවලින්, හැබැයි අපේ සල්ලිවලින් නෙවෙයි..!
ඔන්න ආපු ගමන්ම ගමට බැහැලා... ඔය විල මැද දූපතට යන යන කෙනාට විකාර හැදෙනවා අම්මපා... මේ වගේ අය දේශපාලනයෙන් අතුගා දැමිය යුතුයි.
මොලේ උඩ වෙන්ඩැත් ඉන්නේ? දූෂිත දේසපාලුවෝ ඔය වගේ ගෙවල් හැදුවේ කොහොමද? පරම්පරා ගාණකට ඇතිවෙන්න හරිහම්බ කරගත්තු දූෂිතයින්ට තමන්ගේ වියදමින් ගෙවල් හදාගන්න බැරිකමක් නැහැනේ... ජනතාවගේ ඡන්දෙන් බලයට ඇවිත්, රටම හොරාකාළා විනාශ කරපු දූෂිත දේශපාලුවන්ගේ ගෙවල් හදලා දෙන්න කියන්නේ මොලේ විකාර වෙලාද...?
අපි ඔව්වා ඔක්කොම පොළවට සමතලා කරනවා...
කිසිම ඡන්ද පදනමක් නැති මෙවැනි පිංගුත්තරයන් ලංකර ගත්තොත් රනිල්‍ට වෙන්නෙත් අවසානයේ ගෝටට වෙච්ච දේම තමයි .
ඔන්න බලලා මල්ලෙන් එලියට පැන්න. ඕවා පරණ ගෙවල් තිබුනට වඩා ලොකුවට ගෙවල් හදන්නේ මොන බම්බුවටද. කාගේ සල්ලි වලින්ද? ඔය දේශපාලකයෝ ගැන ජනතාවගේ තිබෙන කැමැත්ත තමයි ඔය ප්‍රකාශ උනේ. සතුටින් එය බාරගන්න. මේවා දැකලා ඔහේගේ දරුවන් දේශපාලනයට එන්න බැහැයි කියනවාද?
ගෙවල් හදන්න කලින් එවා මුලින්ම හැදවෙ කොහෙමද? කියලා බලන්න . 78දෙනෙක්ට ගෙවල් 400 ගානක් ?
ඔව් ඔව් අනිවාර්යයෙන්ම. තට්ටු දෙකට තුනටත් මදි. හොර හැතිකරේට. සේරම රටේ වැඩ පැත්තක තියලා සුපිරි හොරුන්ගෙ ගෙවල් ටික තමයි හදා දෙන්න ඕනි මාළිගා කරලා.
මේ මිනිහා පිං මන්ත්‍රීකමක් අරගෙන අලුත්ම ඩීල් එක තමා ඔය. ඔතනට එන්ඩ කලින් කයිවාරු ගැහුවේ රනිල් ආව ගමන් පෝලිම් නැති කරනවා කියලා කැට තියලා කියනවා කියලා. දැන් ඒ ගැන මීක් නෑ.
හොරකම් ජඩකම් කරන් උන් බය වෙන්න ඕන මේවා දැකලා.හදලා දෙනවා කියන්නෙ ඒවට උඩගෙඩි දීමක්.අනික මෙතුමානේ දාගෙන හිටපු මාස්ක් එකත් දාන්න දුන්නේ.
ඔව් පුළුවන්නම් අපේ සල්ලිවලින් හදලා දීලා බලන්න.
මතක තියාගන්න... ඔහේට පාර්ලිමේන්තු එන්න වරම ආවේ අරගලය නිසා බව. ඕන කෙනෙකුට කැමති තට්ටු ප්‍රමාණයකට ගෙවල් හදාගන්න පුලුවන්. හැබැයි මහජනයාගේ මුදලින් නෙවෙයි...
මේ වගෙ කතා කරන්න දන්නෙ නැති හරක් නිසා තමයි මෙ රට. කාලකන්නි වුනෙ අහස උසට ගියත් කමක් නැහැ තනි තට්ටුව. තමන්ගෙ මුදලින්. මේ වගෙ උන් ඉන්නවට වැඩිය හොන්දයි වඳුරු උන හැදිලා මැරිලා යන්වා. මුන් වගෙ උන්ට කියන්නෙ දේශපාලුවො. මුන්ගෙ දරුවොත් ඔය වගේම ඇති. මොලයක් නැති මිහරක්.
IMF එකෙන් ලැබෙන ණයවලිනුත් වැඩක් ගන්න වගේ යන්නේ. මෙදාපාර නම් තට්ටු 5 ගොඩනැගිලි ඇතුළේම රෝස් වෙන්න වගේ යන්නේ.. ආදාහනාගාර ඕනෙත් නැහැ.
උඹලා ඔය විදියටම ජනතාව ගැන හිතුව නම් මේව සුරපුරයක් කරන්න තිබ්බා. උඹලා ලබන ආත්මෙ වෙන්නේ බල්ලො, කපුටෝ, ගැරඬි. කමක් නැහැ මේ අත්මෙදි සුර සැප විඳපල්ලා.
පිච්චුවාය කියන ගෙවල් වල අලාභය කොච්චරද කියල අහන්න.එතකොට කියාවිනේ කෝටි ගනන්.ඊට පස්සෙ අහන්න ඒ මුදල් උපයා ගත් ආකාරය.ඊට පස්සෙ ඒ බව සමාජයට හෙලිදරව් කරන්න. නිසි විගණනයක් කරන්න. එතකොට තෙරේවි මේ ගොඩ දෙනෙක් කම්බ හොරැ බව.කොහොමත් ලංකාවේ සියයට අනු පහක්ටත වඩා වැඩි පිරිසක් දේශපාලකයෝ අන්ත දූෂිතයින් බව දැන් මුලු ලෝකයම දන්නව.ඒ නිසා ඔබතුමා විතරක් ඒ බව නොදැන ඉන්න බැහැනෙ.තමන්ගේ හෘද සාක්ෂියට අනුව කටයුතු කරන්න.කොහොමත් එහෙම කරන්නෙ නැහැ.හැබැයි මතක තියාගන්න ලංකාවේ බහුතරයක් දේශපාලකයින්ගෙ අවසාන මනුස්ස ආත්මය මෙය බව.ඒක ඔය පව්කරයින්ට තෙරෙන්නෙ නැහැ.ඒක උන්ගෙ පව.ඔය කෝටි ගණන් තියෙන බොහෝ දෙනෙකුට මම වගේ සතුටින් ජීවත් වෙන්න බැහැ.මමත් ඔය දේශපාලකයො හොදට ඇසුරැ කල කෙනෙක්.අපිට දැන් වයස වැඩියි මේවට අත ගහන්න.වජිර මහත්තයෝ,මීට පස්සෙ වත් අරක්කු,පොලී,වැලි,පතල් මුදලාලිලා පාර්ලිමේන්තුවට රිංගව ගන්න එපා.ඒක දිග කථාවක්.දුර දකින්න පුලුවන්,තමන්ට වඩා රටට සහ අනාගත දරැපරම්පාරවට හිතවත් පිරිසක් තමයි ඔය වගේ උත්තරීතර ආයතනයකට යැවිය යුත්තේ.ඒ වුනාට ඔබට පුලුවන්ද දන්නෙ නැහැ මම මේ කරන යෝජනා ටික අඩු තරමින් ඔබේ නායකයාටවත් කියන්න.