IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


දේශපාලනඥයන් අසූවකට අල්ලස් දූෂණ චෝදනා

(සුජිත් හේවාජුලිගේ )

අල්ලස් සහ දූෂණ චෝදනා සම්බන්ධයෙන් මැති ඇමැතිවරුන් ඇතුළු විවිධ තරාතිරම් වල දේශපාලඥයන් 80 දෙනකු ඇතුළු 386 දෙනකු සම්බන්ධයෙන් අලුතින් විමර්ශන ආරම්භ කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

මෙයට අමතරව අයථා ලෙස වත්කම් ඉපයීමේ චෝදනා සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයකු ඇතුළු පුද්ගලයන් හතළිස් දෙදෙනකුට එරෙහිවද විමර්ශන පවත්වන බව එම කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙක් ඉරිදා ලංකාදීපයට පැවැසීය.

මෙම විමර්ශන ආරම්භ කර ඇත්තේ මේ වර්ෂයේ ජනවාරි 1වැනිදා සිට ජුනි මස 30 වෙනිදා දක්වා අතර කාලයේදීය.

මේ අතර එම කාලසීමාවේදී අල්ලස් ගැනීම් සම්බන්ධ වැටලීම් 22 ක් කර ඇතැයිද එම නිලධාරියා සඳහන් කළේය.

අල්ලස් දූෂණ සහ අයථා ලෙස වත්කම් වත්කම් ඉපයීම් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නඩු පැවරීම් ගණනාවක් මේ වර්ෂයේදී කර ඇතැයි එම කොමිසමේ නිලධාරීහු පෙන්වා දෙති.

මේ අතර ආර්ථික උද්ධමනකාරී වාතාවරණය හේතුවෙන් දිවයින පුරා අල්ලස් ගැනීමේ සිද්ධින්වල යම් වැඩිවීමක් පෙනෙන්නට ඇතැයි එම කොමිෂන් සභා ආරංචි මාර්ග වලින් පැවසේ.

 



අදහස් (11)

දේශපාලනඥයන් අසූවකට අල්ලස් දූෂණ චෝදනා

ravin Saturday, 20 August 2022 10:18 AM

කොහේ හරි වැරැද්දක් තියෙනවා. තව කීයකගේ ලිපිගොනු අතුරුදන්ද?

:       0       12

sena Saturday, 20 August 2022 10:52 AM

චෝදනා කෝටියක් තිබුණත් අපි දන්නවා ඕවායේ ප්‍රතිඵල.. මොකක්ද වෙන්නේ කියලා...

:       0       17

Dharmatileke Saturday, 20 August 2022 12:33 PM

මේ නඩු හැකි ඉක්මනින් පටන් ගන්නා මෙන් අධිකරණයෙන් ඉල්ලමි. වැරැදිකරුවන් කවමදාකවත් දේශපාලනයට හෝ අනික් කිසිම සේවයකට සම්බන්ධ නොකරගත යුතුයි.

:       0       15

විපරමා Saturday, 20 August 2022 12:47 PM

රටම හොරාකාලා ජනතාව මහපාරට ඇදලා දාපු දූෂිත පවුල් පාලනේ හොරු නම් අල්ලන එකක් නැහැ.

:       3       16

APerera Saturday, 20 August 2022 01:38 PM

නිදොස් කොට නිදහස් කිරීම් සහ අල්ලස් කොමිසමෙන් ඉල්ලා අස් කරගැනීම් 80ක් ඉදිරි කාලයේදී බලාපොරොත්තු වන්න පුළුවන්...

:       1       13

Prabha Saturday, 20 August 2022 01:46 PM

ලිපිගොනු ඇරියාට වැඩක් නෑ. එකෙක් දෙන්නෙක්ගෙන් නැවත අය කරගෙන හිරේදාලා පෙන්නන්නකෝ...

:       0       15

PODI MALLI Saturday, 20 August 2022 05:05 PM

ඔය බොරු කතා. අපේ දේශපාලකයෝ අවංකයි. හොරකම් කරලා තියෙනවා නම් කවුරුවත් හිරේ ගියාද? ගමේ අහිංසකයෝ තමයි හොරු. කොස්ගෙඩියට, පොල්ගෙඩියට හිරේ ගිය අය කොච්චර ඉන්නවද?

:       0       6

ranjith Saturday, 20 August 2022 06:50 PM

දෙවියන්ගේ නාමයෙන් දැන්වත් මේ රට යහපත්, ආදර්ශවත් දේශයක් කිරීම සඳහා දූෂණ, වංචා සහමුලින් මුලිනුපුටා දාන්න අදාළ ආයතන වගකීමකින් කටයුතු කරන්න.

:       0       0

පුරවැසියා...... Saturday, 20 August 2022 06:58 PM

වංචා දූෂණයෙහි යෙදීසිටින නිලධාරීන් පිරිසක්ද සිටින බැවින් මොවුන් සම්බන්ධයෙන් කඩිනමින් පියවර ගත යුතුයි...

:       0       0

Kumara Saturday, 20 August 2022 09:50 PM

අල්ලයි වලිගෙ...!

:       0       0

fairoos Sunday, 21 August 2022 12:30 PM

රනිල් සහ මෙතන ඉන්න 225ම චෝදනා විතරයි... ඕවා ඔප්පු කරන්න බැහැ කවදාවත්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 435 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site