(අංජුල මහික වීරරත්න)
දේශපාලන බෙදීම් ප්‍රගතියට බාධාවක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජාතික සංවර්ධනය සඳහා එකමුතුවේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා තම දේශපාලන හිතවත්කම් සඳහා නොව, ජාතියේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා සහයෝගයෙන් කටයුතු කරන ලෙස සියලු පාර්ශවයන්ට ආරාධනා කළේය.
අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව අවධාරණය කළේය.
කලාපයේ කෘෂිකාර්මික අවශ්‍යතා සහ පානීය ජල අවශ්‍යතා සපුරාලීම අනුරාධපුර උතුරු ජල සම්පාදන ව්‍යාපෘතියේ අරමුණ බව ජනාධිපතිවරයා කීය.
මෙම ජල ව්‍යාපෘතිය කෘෂිකර්මාන්තයට අහිතකර ලෙස බලපාන්නේ නැති බවටද ජනාධිපතිවරයා සහතික විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම සහ අවංකවම මෙයාට රට දියුණු කරන්න ඕන නම්, මෙහම බොරුවට කවුරුත් මට සහාය දෙන්න නැහැ කියල කියමින් කාලය නාස්ති කරන්න නැහැ. දැනටමත් පාර්ලිමේන්තුවේ බහුතරය තියනවා. අය වැය ඇතුළු ගනාපු සියලු යෝජනාවල් පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්මත කළා. කෙහලියට එරහිව ගෙනාපු විශ්වාසබංගයත් වැඩි ඡන්දයෙන් පරාජයට පත් කළා. එහම තියද්දී තමාගේ නොහැකියාව වහන්න දිනපතාම වගේ කවුරුත් සහයෝගය දෙන්න නැහැ කියල නාහෙන් අඬනවා. එහම මෙයා කියන විසියට කොව්රුත් ඔහුට සහයෝගය දෙන්නේ නැත් නම්, තමන්ගේ වැඩපිළිවල් හරි නම්, බය නැතුව ඡන්දයකින් ජනතාව ඉදිරියට ගිහින්, තමන්ට අවශ්‍ය බහුතර බලය ඉල්ලන්න පුළුවන්. එහම නැතුව කාලය නාස්ති කරන එකින් කිසිම ඵලක් නැහැ.
මම දන්න විදිහට දේශපාලන බෙදීම් කියලා එකක් නෑ. තමන්ගේ පරම්පරා වල පැවැත්ම පවත්වාගන්න තමා ඔක්කොම කරන්නේ. ඔක්කොම නෑදෑයෝ. රෑට එකට පාටි දාන්නේ. දවල්ට ජනතාව ගොනාට අන්දනවා බෙදීම් පෙන්නලා.