
(සුජිත් හේවාජුලිගේ )
ජපානය ක්‍රියාත්මක කළ ඇතැම් සංවර්ධන ව්‍යාපෘති කඩාකප්පල්වීමට බලපෑ සමහර දේශපාලන තීන්දු ගැන කනගාටුවන බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකෝෂි හිදෙකි මහතාට අද(24) දැනුම් දුන්නේය.
අමාත්‍යවරයා මෙසේ දැනුම් දුන්නේ ලංකාවේ ජපාන තානාපතිවරයා එම අමාත්‍යාංශයේදී අද (24) පෙරවරුවේ හමුවූ අවස්ථාවේදිය.
ජපන් රජයේ ණය ආධාර යටතේ ඉදිකිරීම් ඇරඹූ කටුනායක ගුවන්තොටුපොළ දෙවන අදියරේ එම ඉදිකිරීම් කටයුතුවල ප්‍රමාදය සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් සකස් කෙරුණු විශේෂ වාර්තාවක් අමාත්‍යවරයා විසින් තානාපතිවරයාට මෙහිදී බාරදෙනු ලැබීය.
ඒ සම්බන්ධයෙන් එහිදී අදහස් දක්වා ඇති ජපාන තානාපති මිසුකෝෂි හිදෙකි මහතා පවසා ඇත්තේ කොරෝනා උවදුර සහ වර්තමානයේ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් ඉදිකිරීම් කටයුතු ප්‍රමාදවී ඇති බව තමාට වාර්තාවී ඇති බවයි.
මෙරට ඉදිකිරීම් කටයුතුවල නිරත බොහෝ විදෙස් සමාගම් මෙම අර්බුදයට මුහුණ දී ඇතැයි පෙන්වා දුන් තානාපතිවරයා ජපානය සම්බන්ධයෙන් පවතින දැඩි විශ්වාසය තවදුරටත් රඳවා ගන්නා ලෙසට ඉල්ලීමක් කළේය.
ශ්‍රී ලංකාව අසීරුතාවට පත් වූ සෑම අවස්ථාවකදීම ජපාන ජනතාව සහයට ඉදිරිපත්වීම ඉතාම ගෞරවයෙන් සිහිපත් කරන බව නිමල් සිරිපාල සිල්වා මහතා ප්‍රකාශ කළේය.
එසේම තිරිකුණාමල වරාය ආශ්‍රිත නව කර්මාන්ත පුරයක් සඳහා ඉඩම් මේ වනවිට වෙන්කර ඇති බැවින් එම අවස්ථා ප්‍රයෝජනයට ගැනීමට ජපන් ආයෝජකයන් දිරිමත් කරන ලෙස අමාත්‍යවරයා මෙහිදී ජපාන තානාපතිවරයාගෙන් ඉල්ලීමක් කළේය.
මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ පළමු ලේකම් (Hoshiai chiharu) හොෂිආයි චිහාරු කට්සුකී, අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර සහ අතිරේක ලේකම් සුනිල් ගුණරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි අර සැහැල්ලු දුම්රිය...? එතනෝල්ට කොමිස් නැතිව නවත්තපු එක?
වැරැදි දේශපාලන තීන්දු අරන් රටට හිතකර ව්‍යාපෘති කඩාකප්පල් කරපු අමන පාලකයින් දේශපාලනයෙන් අතුගා දැමිය යුතුය.
චීනේ ළංකර ගැනීම වහ තමයි... මෝඩ දේශපාලකයෝ රටම කෑවා...!