(නිමල කොඩිතුවක්කු)
දේශපාලන ගේම් නිසා 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනතුරට පත්ව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී අද (15)පැවසීය.
අධිකරණ ඇමතිගේ 21 ආණ්ඩුවේ 21, විපක්ෂයේ 21 කියා දෙයක් නොමැති බවත්, දැනට තිබෙන එකම 21 වන්නේ රංජිත් මද්දුමබණ්ඩාර මහතා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ගෙන ආ 21 බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
ඊට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ මතය දින කිහිපයකින් නිකුත් වනු ඇතැයි පැවසූ විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේ තුන්වන සතියේදී එය සාකච්ඡාවට ගත හැකියැයිද පැවසීය.
රටේ පවතින්නේ ප්‍රතිසංස්කරණ වලට වඩා දේශපාලන ගේම් නිසා එය සාකච්ඡාවට නොගන්නා තත්ත්වයක් උද්ගතව ඇතැයි ද ඔහු පැවසීය.
එබැවින් අද පවත්නා දේශපාලන අර්බුදයට විසදුම ඇත්තේ නව ජනවරමක් තුළ යැයිද ප්‍රේමදාස මහතා කීවේය.
ප්‍රතිසංස්කරණ සඳහා වූ ජාතික ව්‍යාපාරයේ නියෝජිත පිරිසක් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ දි හමුවු අවස්ථාවේදී විපක්ෂ නායකවරයා මේ බව පැවසීය.
2025 දෙසැම්බර් මස 04
675
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දේශපාලන ගේම් නිසා 21 අනතුරේ
swiss Wednesday, 15 June 2022 05:02 PM
ඔයාගේ පෙළපාලි කෙරුවාව නිසා තමයි රටට දැන් ලැවරිය කන්න වෙලා තියෙන්නේ..!
sharm warn Wednesday, 15 June 2022 05:07 PM
විපක්ශ නායක හැටියට මීට වඩා බරක් ඇති දේශාලනික පියවරක් ගන්න බැරිද මෙ ව්‍යවස්තව ගණිා වෘත්තියේ යෙදවිමට එරෙහිව? පවුලෙ උන්ගෙ යහපත පිණිස ව්යවස්ථාව වෙනස් කරන තරමට දූශිත දේශපාලනයක් සහ දේශපලුවො එකතු වෙනකල් විපක්ශය නිදාගෙන හිටිය.. අද මුලු රටම එකම කලකන්නි තත්වයකට පත්වො..
කිරි පුකා Wednesday, 15 June 2022 05:49 PM
රටේ ප්‍රශ්න විසඳගන්න වචනයක් කියන්නේ නෑ. 21ක් කරේ තියාගෙන දඟලනවා.!
Rata Perata Wednesday, 15 June 2022 07:34 PM
රාජපක්ෂලා සහ රනිල් ඉන්නකම් ගේම් නවතින්නෙ නෑ
chandima Wednesday, 15 June 2022 09:37 PM
දැන්වත් තේරුණාද හැමදාමත් ඔහොම්මම ඉන්න වෙනවා කියලා.. ආයෙත් අරපැත්තට හේත්තු වෙලා කොට අදින්න පටන් ගන්න.
Saththaya Thursday, 16 June 2022 08:51 AM
ලංකාවම මේ තත්වයට පත් වුනේ කාගේ ගේම් නිසාද ?
saman Thursday, 16 June 2022 09:02 AM
21 න් කොහොමද රටෙ ප්‍රශ්න විසදෙදෙ. හොර පාරෙන් රනිල් විධායක බලය ගන්නව ඇරෙන්න මෙයින් වෙන දෙයක් ෑ.
Bamunuarachchi Friday, 17 June 2022 10:59 AM
අනුන්ගේ කෙරුවාවල් ගැන සොයා සොයා ඉන්නවා? තමාට වැඩක් බාර ගන්න කිව්වාම කෝඳුරු තෙල් හත් පට්ටයකුත් තව ටිකක් ඉල්ලා වැඩේ බැහැයි කියනවා බරිකමටම. මේ වැඩබැරි සිල්වා කෙනෙක්.