(නිමල කොඩිතුවක්කු)
දේශපාලන ගේම් නිසා 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනතුරට පත්ව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී අද (15)පැවසීය.
අධිකරණ ඇමතිගේ 21 ආණ්ඩුවේ 21, විපක්ෂයේ 21 කියා දෙයක් නොමැති බවත්, දැනට තිබෙන එකම 21 වන්නේ රංජිත් මද්දුමබණ්ඩාර මහතා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ගෙන ආ 21 බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
ඊට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ මතය දින කිහිපයකින් නිකුත් වනු ඇතැයි පැවසූ විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේ තුන්වන සතියේදී එය සාකච්ඡාවට ගත හැකියැයිද පැවසීය.
රටේ පවතින්නේ ප්‍රතිසංස්කරණ වලට වඩා දේශපාලන ගේම් නිසා එය සාකච්ඡාවට නොගන්නා තත්ත්වයක් උද්ගතව ඇතැයි ද ඔහු පැවසීය.
එබැවින් අද පවත්නා දේශපාලන අර්බුදයට විසදුම ඇත්තේ නව ජනවරමක් තුළ යැයිද ප්‍රේමදාස මහතා කීවේය.
ප්‍රතිසංස්කරණ සඳහා වූ ජාතික ව්‍යාපාරයේ නියෝජිත පිරිසක් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ දි හමුවු අවස්ථාවේදී විපක්ෂ නායකවරයා මේ බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාගේ පෙළපාලි කෙරුවාව නිසා තමයි රටට දැන් ලැවරිය කන්න වෙලා තියෙන්නේ..!
විපක්ශ නායක හැටියට මීට වඩා බරක් ඇති දේශාලනික පියවරක් ගන්න බැරිද මෙ ව්‍යවස්තව ගණිා වෘත්තියේ යෙදවිමට එරෙහිව? පවුලෙ උන්ගෙ යහපත පිණිස ව්යවස්ථාව වෙනස් කරන තරමට දූශිත දේශපාලනයක් සහ දේශපලුවො එකතු වෙනකල් විපක්ශය නිදාගෙන හිටිය.. අද මුලු රටම එකම කලකන්නි තත්වයකට පත්වො..
රටේ ප්‍රශ්න විසඳගන්න වචනයක් කියන්නේ නෑ. 21ක් කරේ තියාගෙන දඟලනවා.!
රාජපක්ෂලා සහ රනිල් ඉන්නකම් ගේම් නවතින්නෙ නෑ
දැන්වත් තේරුණාද හැමදාමත් ඔහොම්මම ඉන්න වෙනවා කියලා.. ආයෙත් අරපැත්තට හේත්තු වෙලා කොට අදින්න පටන් ගන්න.
ලංකාවම මේ තත්වයට පත් වුනේ කාගේ ගේම් නිසාද ?
21 න් කොහොමද රටෙ ප්‍රශ්න විසදෙදෙ. හොර පාරෙන් රනිල් විධායක බලය ගන්නව ඇරෙන්න මෙයින් වෙන දෙයක් ෑ.
අනුන්ගේ කෙරුවාවල් ගැන සොයා සොයා ඉන්නවා? තමාට වැඩක් බාර ගන්න කිව්වාම කෝඳුරු තෙල් හත් පට්ටයකුත් තව ටිකක් ඉල්ලා වැඩේ බැහැයි කියනවා බරිකමටම. මේ වැඩබැරි සිල්වා කෙනෙක්.