(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ දිගු කාලීන දේශපාලන අස්ථාවරත්වය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ආධාර සාකච්ඡාවල ප්‍රගතිය ප්‍රමාද කළ හැකි බව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා රොයිටර් පුවත් සේවය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවේදි ප්‍රකාශ කර ඇත.
පසුගිය අප්‍රේල් මස සිට ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම සඳහා පැවැත්වෙන සාකච්ඡාවලට සහභාගී වන අතර ශ්‍රී ලංකාවේ දේශපාලන ස්ථාවරත්වයක් නොමැති වුවහොත් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ධුරයෙන් ඉවත් වන බව ඔහු ප්‍රකාශ කළේය.
ප්‍රධාන වශයෙන්ම අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවත්වන සාකච්ඡාවල ප්‍රගතියක් ලබා ගැනීමටත් ඉන්ධන, ගෑස් සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයට විසඳුම් සෙවීමටත් ඉතා ඉක්මණින් ශ්‍රී ලංකාවේ දේශපාලන ස්ථාවරත්වයක් ඇති විය යුතු බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.
තමා පත් කළ වසර හයක ධුර කාලය සම්පූර්ණ වන තුරු මහ බැංකු අධිපති ධුරයේ තමන් කටයුතු කරන බව රොයිටර් පුවත් සේවය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවේදී ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළ බව රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.
එසේම ඉන්දියානු මහ බැංකුවෙන් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 1 ක විදේශ මුදල් හුවමාරු පහසුකමක් ලබා ගැනීම සඳහා ඉන්දියාව සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බවද ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කළේය.
ඉන්ධන මිලදී ගැනීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 500ක ණය පහසුකමක් ලබා ගැනීමටද ඉන්දියාව සමඟ සාකච්ඡා කරමින් සිටින බව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාස හයකට එය අත්හිටුවා ඇත... ගොත ගහන්නේ නැතිව ඒකත් කියන්න..! ඔබත් තනතුරෙන් අස්වෙන බවටයි ආරංචිය! ලංකාව තලෙයිබාන් තත්වයට වැටිලා තියෙන්නේ නේද? ඉතින් දෙයිද දන්නේ නැහැ!
ඔබ තුමා ට වඩා මෙ අරගලකරුවන් සියල්ල පරතෙරටම දැනේ. නිහඩව සිටිනවා හැර වෙන විකල්පයක් නැහැ වගෙයි.
මෙයා තමයි ඔක්කොම මගුල් කරන්නෙ ඉඳගෙන,කියන දේ තේරෙන්නෙත් නෑ කුටු කුටු ගානව විතරයි ඇහෙන්නෙ
මේ වෙලාව කට්ටියක් පටි දාන වෙලාව. අනිත් කට්ටිය ජනාධිපති වෙන්න මිනීමරන වෙලාව... නැව ගිලුණත් මේ වෙලාවේ ඒගැන කතාකරන්න විදිහක් නැහැ. සොරි...
IMF තියා මොකෙන්වත් උදව්වක් ලැබෙන්නේ නෑ. රස්තියාදු කාරයින් ටිකක් බලෙන් බලේ අල්ලගෙන ඉන්න රටකට... පෙන්දෙක් ජනාධිපති විදියට හිටියා. ඊළඟට මැරයින් සෙට් එකක් එන්නේ. එච්චරයි...!
රනිල් අගමැතිකම හැර ගියොත් හෝ ශ්‍රී ලංකාවේ ජනාධිපති නොවුනොත්. ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඔබට එක ඩොලරයක්වත් ලැබෙන්නේ නැත.