(කැලුම් බණ්ඩාර)
ඉදිරියේදී ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය පැවැත්වීමට නියමිත බැවින් ප්‍රාදේශීය සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී දේශපාලන නියෝජිතයන් සම්බන්ධ කර නොගන්නා ලෙස මැතිවරණ කොමිසම රජයට දන්වා ඇතැයි රාජ්‍ය නිලධාරියෙක් ඩේලි මිරර් පුවත්පතට ප්‍රකාශ කළේය.
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සංවර්ධන කටයුතු සිදුකරන මුවාවෙන් මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා දේශපාලනඥයන් සම්බන්ධ කර ගැනීමෙන් ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට එල්ල වන බලපෑම සම්බන්ධයෙන් පැෆරල් සංවිධානය මැතිවරණ කොමිසමට කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව රජයට මෙම දැනුම් දීම සිදුකර ඇත.
විමධ්‍යගත අයවැය යටතේ වෙන්කර ඇති මුදල් යොදවා සංවර්ධන ව්‍යාපෘති ජූලි මස 31 වැනිදාට ප්‍රථම නිම කිරීමට පියවර ගන්නා ලෙස රජය, සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබා දී ඇති බවත් සංවර්ධන ව්‍යාපෘති එලෙස වේගවත් කිරීමෙන් ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණවලදී පාලක පක්ෂයට ඉන් වාසියක් ඇතිවන බවත් පෙන්වා දෙමින් ඒ සඳහා මැදිහත් වන ලෙස ලිපියක් යොමු කරමින් පැෆරල් සංවිධානය මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කර ඇත.
වත්මන් පරපුරේ සතිමත් බව ඇති කිරීම සඳහා “බුද්ධ රශ්මි’’ ජාතික වෙසක් මංගල්‍යයට සමගාමීව ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සහ අධ්‍යාපන අමාත්‍යා
පළාත් පාලන මැතිවරණය කල් දැමූ ආකාරයෙන් ජනාධිපතිවරණය පැවැත්වීම වලක්වන්න නොහැකි බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක ම
බන්ධනාගාර නිලධාරීන්ගේ වැටුප් ගැටලුව විසඳීම සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මුලින් ජනාධිපතිවරණය පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉතා පැහැදිලිව ප්‍රකාශ කර ඇතැයි ජනාධිපති වෘත්තීය සමිත
ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි, විදේශ අමාත්‍ය අමීර් අබ්දුල්ලාහියන් සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ ඉරාන නිලධාරීන්ගේ අභාවය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කම්පනයට සහ ශ
හෙරොයින් තොගයක් සිය ගමන් මල්ලේ ව්‍යාජ පතුලක සඟවා ගෙන පැමිණි විදේශීය කාන්තාවක් අද (20) රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් කටුනායක ගුව
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දේශපාලකයන්ට සංවර්ධන වැඩ තහනම් වන හැඩ
Akila Thursday, 09 May 2024 07:47 AM
එක ඇත්ත සුස්ත්ර පුංච මේ දවස් වල මොන්ටිසෝරි වල විවිධ ප්‍රසංග වලට පවා සහභාගිවෙලා දේශපාලන කතාවක් කරන්න තමයි ට්‍රයි කරන්නේ
Bandara Thursday, 09 May 2024 08:46 AM
මිනිස්සු දන්නවා මෙහෙම හරි වියදම් කරන්නෙ මේ ජනාධිපති ආපු නිසා කියලා. නැත්නම් කන්නත් නෑ.
අරවින්ද මොනරවිල Thursday, 09 May 2024 02:35 PM
ආ... ඇත්තටම බණ්ඩාර එයා ගෙදරින් ගෙනැල්ලාද රටට වියදම් කරන්නේ...?
අරවින්ද මොනරවිල Thursday, 09 May 2024 09:18 AM
සංවර්ධන වැඩසටහන් සදහා පමණක් නොවෙයි රජය මගින් ක්‍රියාත්මක කරන සහනාධාර බෙදාහැරීම වැඩ සටහන් වලටත් රජයට සම්බන්ධ දේශපාලකයන් විපක්ෂට සම්බන්ධ දේශපාලකයන් ද සම්බන්ධ කර ගැනීමට තහනම් කළ යුතුයි.
සෙනෙවිරත්න Thursday, 09 May 2024 10:09 AM
හාල් බෙදීම සංවර්ධන වැඩ වලට දාන්න බැහැ, ඒක හිඟමන් පැත්තෙ වැඩක්, ඒව තවදුරත් කරන්න. ඡන්දෙ මාලිමාවට දෙන්න.