IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


දේශපාලකයන් හතළිහකට අල්ලස් පරීක්ෂණ

(සුජිත් හේවාජුලිගේ)

අල්ලස් දූෂණ සහ අයථා ලෙස   වත්කම් ඉපයීම් සම්බන්ධයෙන් විවිධ තරාතිරම්වල දේශපාලනඥයන් හතළිහකට ආසන්න පිරිසක් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

මින් වැඩි පිරිසක් ප්‍රාදේශීය දේශපාලඥයන් බව එම කොමිෂන් සභා ආරංචි මාර්ගවලින් පැවසේ.

මේ අතර ප්‍රබල දේශපාලනඥයන් හා රජයේ වගකිවයුතු තනතුරු දැරූ රාජ්‍ය සංස්ථා හා ආයතන ප්‍රධානීන් පිරිසකට එරෙහිව විවිධ දූෂණ චෝදනා යටතේ පවරා තිබියදී තාක්‍ෂණික දෝෂ මත ඉල්ලා අස්කර ගත් සියලුම නඩු නැවත පැවරීමට   කඩිනමින් පියවර ගන්නා බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙක් පැවසීය.

නව විමර්ශන කොමිෂන් සභාව යටතේ  සියලු විමර්ශන සක්‍රියාකාරයෙන් සිදුකිරීමට විශේෂිත  වැඩපිළිවෙලක් අරඹා ඇතැයි කොමිසමේ නිලධාරිහු පෙන්වා දෙති.

එසේම රාජ්‍ය සේවයේ දුෂිතම ආයතන අතරින් මුල් තැනට පොලිසිය පත්ව සිටින බව වෙරිටේ රිසර්ච් ආයතනය  පවසයි.

ඒ අසලින්ම සිටින්නේ පාර්ලිමේන්තුව ඇතුළු ජාතික හා ප්‍රාදේශීය රාජ්‍ය පාලන අධිකාරීන් බවද  එම ආයතනය සඳහන් කරයි.

දිවයිනේ වඩාත් කැපී පෙනෙන දුෂණ වංචා සිදුවන්නේ රාජ්‍ය අංශය තුළ බව පවසන එම ආයතනය  පොලිසියේ, පළාත් පාලනයේ, සහ නියාමකයන්ගේ රැකියා වලට සැලකිය යුතු බලයක් සහ අධිකාරයක් හිමිවීම ඊට හේතුව ලෙස සඳහන් කරයි.

වඩාත් පැතිර පවතින, වඩාත් පැමිණිලි කරනු ලබන සහ වඩාත් විනාශකාරී දූෂණ වංචා සිදුවන්නේ පොලිසිය හා රජයේ නිලධාරීන් අතින්  බවද එහි සඳහන්වේ.



අදහස් (11)

දේශපාලකයන් හතළිහකට අල්ලස් පරීක්ෂණ

Lalith Saturday, 25 May 2024 04:46 PM

ආයෙත් ටිකකාලයක් හීන දකින්න පුළුවන් වෙයි වගේ....!

:       0       18

Prabha Saturday, 25 May 2024 05:11 PM

ඇලෝසියස්ගෙන් ගත්තු රවී කරුණානායකගෙන්ම පටන් ගමු නේද?

:       2       16

Awanka Saturday, 25 May 2024 05:29 PM

මේ පරීක්ෂණ වල ප්‍රතිඵල දැන්ම කියන්න පුළුවන්

:       1       15

ravin Saturday, 25 May 2024 07:42 PM

නරි වාදන් වැඩකාරයන්ට බොරු බෑ .. බොරුකාරයන්ට වැඩ බෑ අපි නම් දන්නේ එච්චරයි

:       0       14

Siri Saturday, 25 May 2024 10:32 PM

"මේ ගොල්ලෝ ඔක්කොම යාළුවො මල්ලි."

:       0       10

B Amarasinghe Sunday, 26 May 2024 02:14 AM

මේ නඩු හරියට නොපැවරීමෙන් දූෂිත ආයතන අතරට අල්ලස් කොමිසමත් වැටෙන්න පුළුවන්

:       0       2

සත්‍යපාල Sunday, 26 May 2024 02:44 AM

වසර ගණනාවක් නඩුවලට මහජන මුදල් කෝටි ගනනක් වියදම් කර සහ මාද්‍ය සංදර්ශන රැසක් පවත්වා අන්තිමට නිදොස් කොට නිදහස්. පාර්ලිමේන්තුව අසල මේ විහිලු සදහා වෙනමම උසාවියක් පිහිටුවා විහිලු නඩුකාරයෙක් පත්කර හොරා පොලිස් සෙල්ලම එතැනම කිරීමට ඉඩ සැලසීම මගින් මුදල් ඉතිඉතිරිකර ගතහැකියි.

:       0       1

රෝයි ෆෙඩ්රික්ස් Sunday, 26 May 2024 05:34 AM

අඩෝ අඩෝ මේ විහිලු එපා ඩෝ. උඹලව විශේෂයෙන්ම තෝරල ඔතැනට දාල තියෙන්නෙම උන්ව බේරගන්න. රාජපක්ෂලගෙම නඩු 30ස් ගණනක් ඉල්ලා අස්කරගෙන තියෙනව, උඹලගේ විහිලුවලට හිනායන්නේ නැහැ. ලේ කෝපවෙනවා.

:       0       1

සෙනෙවිරත්න Sunday, 26 May 2024 06:19 AM

මේ රජයන් යටතේ මේවාා කෙරෙන්නෙ නැහැ කෙරුනෙත් නැහැ, ඒක ස්තීරයි. අර ෆයිල් ගැන මඩකතා කියන අයට පැහැදිලි වෙනවා ඇති නඩු දාල වැඩක් නැතිවග, ඒක නිසා හොරු අල්ලන පාලනයක් අරගෙන එමු. හැබැයි එහෙට මෙහෙට පනින හොරු ඉන්න පක්ෂ එපා.

:       0       1

Rupika Weerasinha Sunday, 26 May 2024 06:28 AM

ලංකාවේ දූෂණ වලට විරුද්ධව කටයුතු කරන්න අපහසුතා ඇතිවෙන තාක්ෂණික දෝෂ හැදෙන්නේ කාළකණ්නි දේශපාලුවො කරන බලපෑම් මත මිසක් වෙනත් හේතුවකට නොවෙයි.උන්දැලා රට දැය සමය ගැන නොසලකා ඒවා කරන්නෙ උන්ගෙ බඩගෝස්තරය හා පරපුරේ පැවැත්මට තමයි පේනවා නේද රැවුලට ඡන්දය දීලා රටට වෙලා තියෙන තත්වය ඒවාට දුරදිග නොබලා කතිරය ගසන ඡන්ද දායකයින් සම්පූර්ණයෙන්ම වගකිවයුතුය .

:       0       2

sam Sunday, 26 May 2024 03:06 PM

හරි හරි ... පාර්ලිමේන්තුවේ අය නම් නිදොස් කොට නිදහස් වෙයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site