
(අංජුල මහික වීරරත්න)
පළාත් පාලන මැතිවරණය කැඳවීමට අදාළ නිවේදනය නිකුත් කිරීමට පෙර ශ්‍රී ලංකාවේ සියලු දේශපාලන පක්ෂ මැතිවරණ කොමිසමට කැඳවන්නැයි දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය මැතිවරණ කොමිසමෙන් අද ඉල්ලීමක් කළේය.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා හමුවූ දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන ලේකම් සුගත් හේවාපතිරණ මහතා ඇතුළු පක්ෂ නිලධාරීහු අදාල ඉල්ලීම බාර දුන්හ.
මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් බිලියන 10 ක් වෙතියි ප්‍රකාශ කර තිබෙන අතර ජනතාව දරුණු ආර්ථික පීඩනයකට මුහුණ දී සිටින මොහොතේ මැතිවරණයක් සඳහා එතරම් මුදලක් වැය කිරීමට එකඟදැයි දේශපාලන පක්ෂ කැඳවා විමසීමක් කරන ලෙස ද දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය ඉල්ලා සිටී.
දේශපාලන පක්ෂ මැතිවරණ කොමිසමට කැඳවා මතය විමසීමෙන් ජනතා පීඩාව පසෙකලා බලලෝභී පරමාර්ථ වෙනුවෙන් කටයුතු කරන දේශපාලන පක්ෂ හා නායකයන් කවුරුන්ද යන්න ජනතාවට හඳුනාගැනීමට අවස්ථාවක් ලැබෙනු ඇතැයි ද දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට විනාශ කරන දේශප්‍රේමීන්... ඉන්න එවුන් මදිවට තවත් හතුවාගේ පිපෙනවා...
එක්සත් ජාතික පක්ෂයට අද සුළුදිය පහවෙනවා මැතිවරණ ගැන කිව්වාම, මිනිස්සු බලන් ඉන්නේ නුඹලා ගමට එනකන් තමයි..
මුං සේරමව අසූචි ගහලා එලවන්න ඕනා. මුං තාමත් එන්නේ උංගේ වාසිය හොයාගෙන.
ජනමතයක් නැතුව බලය ගත්තහම ජන මතයට බයයි .බළල්ලු ලවා කොස් ඇට බාවනවා
එජාපයටත් ජනතාව නැත. මේ කියන පක්ෂයේ නියෝජිතයෝ කීප දෙනා පමණයි.