IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


’’දේශගුණ විපර්යාස අපි කාටත් ලොකු ප්‍රශ්නයක් වෙලා’’

(අංජුල මහික වීරරත්න)

දේශගුණික විපර්යාස ශ්‍රී ලංකාවට සහ කලාපයේ සියලුම රටවලට විශාල ප්‍රශ්නයක් එල්ල කර ඇතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඕමානයේ ඉන්දියන් සාගර සමුළුව අමතමින් පැවසීය.

එක්සත් ජනපදය පැරිස් දේශගුණික විපර්යාස ගිවිසුමෙන් ඉවත් වූ නමුත්  ඉන්දියන් සාගරයේ සිටින ලංකාව ඇතුළු රටවලටත් ඇන්ටාක්ටිකාව දක්වාම දේශගුණික විපර්යාසවල වගකීම බාර ගත යුතු වෙන බව රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

ඕමානයේ මස්කට් නුවර මෙම ඉන්දියා සාගර සමුළුව පැවැත්වුණු අතර එහිදී රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

"ඕමානය සහ ශ්‍රී ලංකාව ඉන්දියානු සාගර ශිෂ්ටාචාරයේ කොටසක් වනවා.  ඕමාන නාවික හමුදාව පෘතුගීසි නාවික හමුදාව පරාජය කළා.ඇත්තෙන්ම ලංකාවට එදා නාවික හමුදාවක් තිබුණේ නැහැ. අප ඔවුන් ගොඩබිමේදී පරාජය කළා.අපට සන්නද්ධ බලකායක් තිබුණා.  සම් සන්නාහ පැළඳ සිටින ඇතුන්, තුවක්කු කරුවන් සහ කාලතුවක්කු ඉන්දියාවෙන් පැමිණි අතර රාජ්පුත් රණශූරයන් ද සිටියා. ඔවුන් වෙනුවෙන් කෝවිලක් ද හැදුවා.ඒ බැරැන්ඩි කෝවිලයි.පැරණි ඉන්දියන් සාගර ශිෂ්ටාචාරය ක්‍රියාත්මක වූයේ එලෙසයි"



අදහස් (7)

’’දේශගුණ විපර්යාස අපි කාටත් ලොකු ප්‍රශ්නයක් වෙලා’’

nipuna Wednesday, 19 February 2025 04:30 PM

දේශගුණික විපර්යාස ගැන ඔබතුමා දක්වන උනන්දුවට කවදාහරි ඔබට ලෝක සම්මානයක් හම්බ වේවි...!

:       10       15

පම්පෝරි ජනක Wednesday, 19 February 2025 05:18 PM

හැබැයි ලංකාවට තියන විශාලම ගැටලුව මේ දේශගුණික විපර්යාසේ නෙමෙයි , ඇති කරලා තියන "ආර්ථික අර්බුදය" , එකට මූලික වශයෙන් වගකියන්න ඕනේ මේ මනුස්සයයි මහින්ද රාජපක්ෂයි පවුලයි.

:       8       13

පිටරටවැසියා Wednesday, 19 February 2025 05:43 PM

දේශගුණික විපර්යාසවලයි, පෘතුගීසි හමුදාව පරාජය කරපු ඉතිහාසේ තිබිච්ච ශිෂ්ටාචාරවලයි මොකක්ද තියෙන සම්බන්ධය?

:       5       10

විපරමා Wednesday, 19 February 2025 06:56 PM

දේශගුණික විපර්‍යාස නම් මොනවාද? ලන්කාවේ දූෂිත දේශපාලුවෝ කරපු විනාසේ මුලු රටටම සාපයක්...!

:       8       13

පිටරටවැසියා Wednesday, 19 February 2025 11:56 PM

ත්‍රයිලෝක විජයපත්‍ර ඇටපිටින් ගහලද කොහෙද?

:       2       5

Perera Thursday, 20 February 2025 06:03 AM

මූ හිතන් ඉන්නේ මූ තවම පිනා කියලද ?

:       2       2

Rata Perata Thursday, 20 February 2025 12:39 PM

අපේ බදු සල්ලි කෝටි ගණන් දේශපාලුවන්ට බෙදුවා.

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 832 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2474 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1779 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site