(නිමන්ති රණසිංහ )

බොරැල්ල සියළු සාන්තුවරයන්ගේ දේවස්ථානය ට ජීව අත්බෝම්බයක් තැබීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි වෛද්‍ය ශර්ලි දයානන්ද හේරත් මහතා ඇතුළු  සැකකරුවන් තිදෙනෙකු  ලබන 29 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (14) නියෝග කළේය.

බන්ධනාගාර ගත කරනු ලැබුවේ ලියනගේ දයාසේන, වෛද්‍ය ශර්ලි දයානන්ද හේරත් සහ රුවන්සිරි ප්‍රේමචන්ද්‍ර යන අයවලුන්ය.

මෙම සැකකරුවන් සම්බන්ධයෙන් පීඩාකාරි ආයුධ පනත සහ දණ්ඩ නීති සංග්‍රහය ප්‍රකාරව කටයුතු කරන බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේය.