(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මීගමුව කඩොල් කැලේ උත්තාන වූ සමිඳුන්ගේ දේවස්ථානයේ පාස්කු දේව මෙහෙය පැවැත්වෙන අතරවාරයේ පිවිසුම් දොරටුව ආසන්නයේදී එල්ටීටීඊ සංවිධානයේ හිටපු සාමාජිකයකු පිහි දෙකක් සමග සැකපිට අත්අඩංගුවට ගත් බව මීගමුව මූලස්ථාන පොලිසිය පවසයි.
සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ මඩකළපුව කොක්කඩිචෝලේ ප්‍රදේශයේ පදිංචි හතළිස් තුන් හැවිරිදි කන්දසාමි වේදනායගම් නමැත්තකු බව පොලිසිය කියයි.
එක් පිහියක් සැකකරුගේ කලිසම් සාක්කුවේද අනෙක් පිහිය ඔහු සතු ගමන් බෑගයේ ද සඟවා තිබියදී සොයාගත් බව පොලිසිය පවසයි.
පාස්කු දේව මෙහෙයට පැමිණ සිටි පිරිසකට ඇතිවූ සැකයක් මත මොහු ගැන රාජකාරියේ නිරතව සිටි පොලිස් බුද්ධි අංශ නිලධාරියකුට දැනුම් දීමෙන් අනතුරුව සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී තමා එල්ටීටීඊ සංවිධානයේ සන්නද්ධ අංශයේ හිටපු සාමාජිකයකු බවට තොරතුරු හෙළි කරන ලදැයි පොලිසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ලන්සාගේ උප්පරවැට්ටියක් කියලා පොලිසියේම කෙනෙක් කීවා.
කතාවේ සත්‍ය අසත්‍යය අපි දන්නේ නැහැ. හැබැයි මොකක් හරි හේතුවකට පොලීසිය පිහි දෙක දායාද කළත් වෙන්න පුළුවන්...!
පිහි අරගෙන කොටි ආපු පළවෙනි වතාව ඉතිහාසයේම... කොටියා එන්නේ මරාගෙන මැරෙන බෝම්බය බඩේ බැඳගෙන. මෙයා බොරු කොටියෙක් වෙන්න ඇති.. නැත්නම් විහිළුවක් කරන්න ආවාද දන්නෙත් නැහැ. විශ්වාස කරන්න ටිකක් අමාරුයි...!
ආ ඡන්දයක් ළංවෙනකොට ඕවා සාමාන්‍ය දේවල් වැඩිය ගණන් ගන්න ඕනේ නෑ.
මේකා කොටියෙක් නොවෙයි, නරියෙක් වෙන්න ඇති. මේ තරම් පල්ලි වලට ආරක්ෂාව දාලා තියෙද්දි පිහි අරන් එන්නෙ ඒ නිසා.
ඡන්දයක් ආසන්න නිසා මෝඩයින්ගේ ඡන්ද ටිකක් කඩාගන්න කරන උප්පරවැට්ටි කරන අයගේ එක ක්‍රියාදාමයක් තමයි මේක...
අපි හොඳටම බය වුණා, කලබල වුණා, යලි කොටි නැගිටින්න වගෙයි යන්නේ..., කොටි ත්‍රස්තවාදයෙන් රට බේරාගන්න පුංචි මහින්ද ජනපති කරමු..! ඒකත් නරකම නැහැ අපේ හාමුදුරුවනේ...!
පිල්ලයාන්ගේ වැඩද කියල සැකයක්.
චන්දෙ ළඟ නිසානේ කොටි පාරේ බැහැලා ගිහින් අහු වෙන්නේ .තව කොහොම අහුවෙයිද දන්නේ නෑ
ලංකාවේ පීඩනයෙන් ජීවත්වෙන අහින්සක මිනිසුන්ට, තමන්ගෙ පාඩුවේ ජීවත්වෙන්න මේ ත්‍රස්තවාදින් ඉඩ දෙන්නේම නැද්ද ???
මම හිතන්නේ කොටියා පිහිදෙක අරගෙන ඡන්දේ ළඟ හින්දා පොඩි නාට්ටියක් කළා වෙන්න බැරිද? මේ දවස්වල කොටින්ට කන්නවත් නෑනේ...!
කොහොමත් දෙමළාගේ රට ඉන්දියාව...