(ආනන්ද ඉ ජයකොඩි)
දිවුලපිටිය සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කොට්ඨාශය තුල අද (31) වන විට අලුතින් කෝවිඩ් 19 වෛරසය ආසාදිතයින් හැත්තෑ හතර දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
දිවුලපිටිය කොට්ඨාශය තුල ඉකුත් 28 වනදා පී සී ආර් පරීක්ෂණ සදහා යවන ලද පුද්ගලයින් දෙසිය පනස් තුන් දෙනෙකු ගේ සාම්පල අතරින් එසේ හැත්තෑ හතර දෙනෙකූට කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා ලැබී ඇති බවද සෞඛ්‍ය අංශ සදහන් කළේය.
ඔවුන් සියලු දෙනා ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට යැවීමට අවශ්‍ය මූලික කටයුතු කර ගෙන යන බවද සෞඛ්‍ය අංශ කීය.
දිවුලපිටිය කොට්ඨාශයේ අද (31) උදෑසන වන විට සමස්තයක් වශයෙන් කෝවිඩ් 19 වෛරසය ආසාදිතයින් දෙදෙහස් හාරසීය ඉක්මවා ඇති බවද සෞඛ්‍ය අංශ වැඩිදුරටත් සඳහන් කළේය.
පී සී ආර් පරීක්ෂණ සදහා සාම්පල ලබා ගැනීම හරි අඩකටත් වඩා අඩු කර තිබියදී මේ අයූරින් රෝගීන් වාර්තා වීම සෑහෙන වැඩි වීමක් බවද සෞඛ්‍ය අංශ පැවසීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
දිවුලපිටියෙන් අද කොරෝනා ආසාදිතයින් 74 ක්