
( නයනජීව බන්ඩාර)
තණමල්විල, කුඩාඔය, ඇතිලිවැව, තෝරආර ප්‍රදේශයේ පදිංචි කාන්තාවකගේ ඇග මතට දිරාගිය දිවුල් ගහක් කඩා වැටිමෙන් එම කාන්තාව සිද්ධිය වු ස්ථානයේදීම මියගොස් ඇතැයි, කුඩාඔය පොලිසිය පවසයි.
මෙම අවාසනාවන්ත සිද්ධියෙන් මියගොස් ඇත්තේ, ඇතිලිවැව, තෝරආර ලිපිනයේ පදිංචි රත්නායක මුදියන්සේලාගේ චතුරිකා ප්‍රියංගනී නැමති තිස්අට හැවරිදි කාන්තාවකි.
මෙම කාන්තාව දර කැඩිම සදහා නිවසේ සිට මීටර් 200 ක් පමණ දුරින් පිහිටි ලොකු මල්ලිගේ වැව නමින් හැදින්වෙන කුඩා වැවක් ආසන්නයට ගොස් ඇති අතර එහිදි එම වැව ඉවුරේ තිබු දිරාගිය දිවුල් ගහක් එම කාන්තාවගේ ඇග මතට කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවාසනාවන්ත සිදුවීමක්... යම් පුද්ගලයෙක් පිටුපස ඉන්නවා වගේ...