
(අංජුල මහික වීරරත්න)
ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ශ්‍රී ලංකාවට ලබා දෙන යූරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000න් දෙවන තොගය අද (22) දින පෙරවරුවේ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් අශෝක් භග්ලේ මහතා විසින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට නිල වශයෙන් බර දෙනු ලැබීය.
යූරියා මෙට්‍රික් ටොන් 21,000 කින් සමන්විත එම පොහොර තොගය ලංකා පොහොර සමාගමට සහ කොමර්ෂල් පොහොර සමාගමට යැවීමේ කටයුතු ද ආරම්භ කෙරුණු බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
කොළඹ වරායේදී මෙම යූරියා පොහොර බාර දීම සිදු කෙරුණු අතර එම අවස්ථාවට වරාය,නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුලු පිරිසක් ද සහභාගී වූහ.
ඉන්දීය රජය විසින් යල කන්නයේ වී වගාව සඳහා යූරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000 ක් ලබා දීමට පියවර ගත් අතර ඉන් පළමු තොගය වශයෙන් යූරියා මෙට්‍රික් ටොන් 44,000 ක් පසුගිය මාසයේ ලැබුණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැව පිළිගන්න වෙන්නැති ඒ අය ගිහිල්ලා ඉන්නේ.. අනේද කියන්නේ මේ අය කවදා තොලොංචි වෙලා යයිද මන්දා..?
මුහුද දිහා කට ඇරගෙන බලාගෙන ඉන්න සිංහලයෝ දැකලා නැතිනම් බලාගන්න....
වංචාවෙන් හා දූෂණයෙන් තොර ක්‍රියාවලියක් සහතික කිරීම සඳහා ලෝක බැංකුව විසින් පනවන ලද දැඩි රෙගුලාසි සමඟින් ශ්‍රී ලංකාව පොහොර ආනයනය සඳහා ජාත්‍යන්තර තරඟකාරී ලංසු විවෘත කිරීමට සහ ලෝක බැංකු මාර්ගෝපදේශවලට අනුව, ප්‍රසම්පාදන ක්‍රියාවලියට අදාළ වාර්තා, ගිණුම් සහ අනෙකුත් ලේඛන පරීක්ෂා කිරීමට සහ WB විසින් පත් කරන ලද විගණකවරුන් විසින් විගණනය කිරීමට ලෝක බැංකු කණ්ඩායමට කොන්ත්‍රාත්කරුවන් සහ උප කොන්ත්‍රාත්කරුවන් අවසර දිය යුතු බව මාධ්‍ය වාර්තා කර තිබේ..
ඔය මුහුනු හින්දා අස්වනු සරුවෙයිද? ඔයිට වැඩිය හොද වෙන්න තිබුනා නේද රටවටෙ තියන ගොවි සන්විඩානවලට ඔය පොහොර බාර දුන්නානම්?
මොන විකාරද මේ? නැවක් එන එන ගාණට ඒක පිළිගන්න මැති ඇමැති නිලධාරි ගොල්ලෝ යනවා පිළිගන්න.
පිටරටින් එනතුරු මුහුදට දත කියවන්නා.ලෝකෙම ඇල්ලූවා වගේ ගිහිල්ල ණයට කිව්වෙ.