(නිමන්ති රණසිංහ)
ආගමික සංහිඳියාවට හානි වන අයුරින් බුදුදහම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළැයි කියන දේවගැති ෆාස්ටර් ජෙරම් ප්‍රනාන්දු යන අයගේ විදේශ ගමන් තහනම් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (16) නියෝගයක් නිකුත් කළේය.
මෙම විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගය ආගමන විගමන පාලකවරයා වෙත යොමු කරන ලෙසටද මහේස්ත්‍රාත්වරයා අධිකරණ රෙජිස්ටර්වරයාට නියම කළේය.
මෙන්ම දේවගැතිවරයා රටින් පිටවීමට උත්සාහ කරන්නේ නම් ඒ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වහාම දැනුම් දෙන ලෙසට ද මහේස්ත්‍රාත්වරයා ආගමන විගමන පාලකවරයාට නියම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජේරම් ඊයේ රෑ සිංගප්පූරුවට පැන්නද?තාම ලංකාවේද ?
රටින් යනකන් ඉඳල තහනම් කරල මොනව අල්ලන්නද මහත්තයො...මහ බැංකු හොරාව තාම අල්ලගන්න බැරි අය මේ පාදිලියෙක් අල්ලයිද?
දේවගැති ජෙරම් රටෙන් පනී. අශ්වයා ගිය පසු ස්ථාලයේ දොර වැසේ...
ගියා කියලා දැනුම් දෙන්න
ඒ උනාට එයා ගිහින් නේද
ඔහු පසුගිය 14 වෙනිදා පවුලේ සියල්ලන් සමඟ රටින් පිටවූ වග නොදැන මෙවැනි දෙයක් කළාද නැත්නම් රටම අන්ඳවන්න හදනවද දන්නෙ නෑ
නියමයි අපේ පොලිසිය