(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය  විසින් 2022 වසර සඳහා පවත්වන ලද ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ආයතන සඳහා සම්මාන පිරිනැමීමේ උත්සවයේ දී (CNCL- Achiever of Industrial Excellence) එම වසරේ ඉහළම ලාබ උපයන ලද එකම රාජ්‍ය ආයතනය වශයෙන් රාජ්‍ය දැව සංස්ථාව විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබීය.

2022 වසරේ රාජ්‍ය දැව සංස්ථාව විසින් රුපියල් මිලියන 4,316ක ආදායමක් උපයා තිබේ. ආර්ථික අර්බුදය, කොවිඩ් වසංගත තත්ත්වය මෙන්ම රටෙි ජනතාවගේ ආදායම්  පීරිහී තිබූ කාලයක ශ්‍රී ලංකාවේ  රාජ්‍ය ව්‍යවසායකත්වය යටතේ ක්‍රියාත්මක වන සියලු ආයතන පාඩු ලබද්දී රාජ්‍ය දැව සංස්ථාව ආදායම් ඉපයීම මෙම සම්මානය පිරිනැමීමට හේතු වූ බව රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති මහින්ද කරුණාරත්න මහතා පවසයි.

අදාල සම්මානය රාජ්‍ය දැව සංස්ථාවේ සියලු කාර්ය මණ්ඩල වෙත  නිල වශයෙන් ප්‍රදානය කිරීම  කෘෂිකර්ම , වනජීවී  හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගීත්වයෙන් පැවැති උත්සවයක දී සිදු කෙරිණි.