
( ෂේන් සෙනෙවිරත්න )
විවිධ ප්‍රදේශවල සිටින ව්‍යාපාරිකයන් පිරිසක් මහනුවර තරු හෝටලයක දේශපාලන නියෝජිතයින් කිහිප දෙනෙකු හමුවී සාකච්ඡාවක් පවත්වන අතරතුර ඔවුන්ට දිවා ආහාරය ලබාදීමට සැලසුම් කොට තිබියදී එය වැළැක්වීමට මහනුවර මැතිවරණ කාර්යාලයේ නිරීක්ෂණ නිලධාරීන් පිරිසක් කටයුතු කොට තිබේ .
මැතිවරණ නිරීක්ෂණ නිලධාරීන් එම ස්ථානයට කඩා පනින අවස්ථාවේදී ව්‍යාපාරිකයන් 25 දෙනෙකු පමණ එම ස්ථානයේ සිට ඇති අතර මැතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබියදී මේ ආකාරයෙන් සංග්‍රහ පැවැත්වීම වරදක් බව එම දේශපාලන නියෝජිතයින්ට සහ හෝටල් කළමනාකාරීත්වයට දැනුම් දීමට මැතිවරණ නිරීක්ෂණ නිලධාරීන් පියවර ගෙන තිබේ .
පැමිණි පිරිසට දිවා ආහාරය බුෆේ ක්‍රමයට සූදානම් කොට තිබී ඇති අතර හෝටලයේ නවාතැන් ගෙන සිටි පිරිස් සහ විදේශිකයන්ද විශාල ප්‍රමාණයක් ආහාර ලබා ගැනීමට සිටි බැවින් ආහාර වලට සීල් තැබීමට මැතිවරණ නිරීක්ෂණ නිලධාරීන් පියවර ගෙන නොතිබුණි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැකෝ මහත්තයෝ කෑම දෙද්දී විතරද විරුද්ධ වෙන්නේ . වැටුප් වැඩි කරද්දී නැතිද ?
බුදුහාමුදුරුවෝ දේශනාකලේ සබ්බේ සත්ථා ආහාරට්ඨිථිකා කියලා තමයි. කොමිසමේ අයට කෑමක් බීමක් පෙන්නන්නම බැහැනේ .මේවා එක්තරා කොටසකට පමණක් තහනම් වීම තමයි වැරැද්ද