(කේ. බුද්ධික කුමාරසිරි)
“අධිකරණ අමාත්‍යාංශය යටතේ ඇති ආයතනයකට අයත් වුවත්, අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මියට එරෙහිව නීතිමය පියවර ගැනීම අපට සිදුකළ නොහැකියි. ඇය කියන පරිදි අපි එවැනි නීතිවිරෝධී කටයුතුවලට උපකාර කර නැහැ, එවැනි නිලධාරිනියකගෙන් අපි එවැනි දේවල් බලාපොරොත්තු වෙන්නෙත් නැහැ” යැයි අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය අද(22) පූගොඩ දී පැවසුවාය.
අමාත්‍යවරිය මේ බව ප‍්‍රකාශ කළේ ඉදිකිරීමට යෝජිත පූගොඩ උසාවි සංකීර්ණය සඳහා මුල්ගල් තැබීම සඳහා පැරණි උසාවි සංකීර්ණ භූමියේදී පැවති උත්සවයෙන් අනතුරුවය. ඒ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය සහ නිශ්ශංක සේනාධිපති මහතා අතර සිදුවී යැයි පැවසෙන දුරකතන සංවාදය පිළිබඳව මාධ්‍යවේදීන් විසින් කරුණු විමසූ අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය මෙසේ ද කීවයා.
“අමාත්‍යාංශ ලේකම්වරියගේ ඉල්ලීම පරිදි නීතිපතිවරයා සහ රාජ්‍ය, සේවා කොමිෂන් සභාව ඒ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු කරනවා. ඇය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා අවශ්‍ය පියවර ගන්නා ලෙස අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරිය විසින් නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ද තිබෙනවා. එසේම එම දුරකථන සංවාදයේ සඳහන් පරිදි දේශපාලනඥයින් සම්බන්ධවීමෙන් මෙම සිද්ධිය වූ බව ඇය පවසා ඇති නිසා එම අමාත්‍යවරුන් කවුරුන්ද යන්න වහාම රටට හෙළි කළ යුතු වෙනවා.
අපි එවැනි කටයුතුවලට කිසිවිටක උපකාර කරලා නැහැ, එවැනි නිලධාරිනියකගෙන් අපි එවැනි දේවල් බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. දිල්රුක්ෂි මහත්මිය සඳහන් කරන ආකාරයට ඇමතිවරයෙක් සම්බන්ධ වුවත්, නොවුවත් මෙවැනි වගකීමක් දරන අයෙකුට එවැනි ප‍්‍රකාශ කිරීම සිදුකළ නොහැකියි” යැයිද ඇය පැවසුවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊට කලින් මේකට සම්බන්ධ ඇමතිවරයාට විනය ක්‍රියාමාර්ගයක් ගන්න. රාජපක්ෂලත් එක්ක ඩීල් දාලා හොරකම් යටගහුවේ කවුද කියලා එළිකරන්න
ඔය ගොල්ලන්ට මොකවත් බැහැ.. ඔහොම ඔය ටික දවසත් ගෙවලා යන්නම යන්න.
හා එතකොට ඔය කෙකර ගහගහ ඉන්න ඇමති බිත්තරේ දායිද? දෙපැත් නයි. හැබැයි එකක් නම් දන්නවා. කවුරු වුණත් හොරෙක්නේ...
කරන්න පුළුවන් එක දෙයක් කියන්න පුළුවන්ද?
දිල්රුක්ෂි ඩයස් කියන්නේ නීතිඥවරියක්... එයට විරුද්ධව, එරෙහිව නීතිමය පියවර ගන්න ගිහිල්ලා අංබානකට කන්න වේවි. එයා කතා කළා කියලා පිළිගත්තේ ඒ කතාව නිසා එයාට විරුද්ධව කිසිවක් කරන්න බැරිබව හොඳට දන්නා නිසා. තලතා කියන්නේ ගෘහණියක් පමණයි. ලුණු ඇඹුල් බලනවා හැරෙන්නට නීතිඥවරියක් එක්ක හැප්පෙන්න ගිහිල්ලා කොලේ ඉරා ගන්න එපා...
ඔබ හොදයි කුබුරක හිටවන්න 'පබයකුට'.
දිල්රුක්ශි ඩයස් මහත්මිය පැහැදිලිව පිළිගන්නවා, මේ නඩු පැවරුවේ " ජරා දේශපාලනය නිසා" කියල. නැතිව පැහැදිලි නඩු නිමිත්තක් තිබිල නෙවයි කියල. ඇයි ඒ සත්‍ය පිළිගන්න තවමත් වැඩි දෙනෙක් අකමැති.
රාජපක්ෂලා සම්බන්දනම් පුළුවන් !
තලතා බය නෑ.......
මේ අය දැක්කමත් කියන්න වචන නැත. රටේ ජනතාවගේ අවාසනාව.