
(යොහාන් භාසුර)
ජනාධිපතිවරණයට තරුව ලකුණෙන් තරග කරන "සර්වජන බලය" දේශපාලන එකමුතුවෙහි අපේක්ෂක, මව්බිම ජනතා පක්ෂයේ නායක, ව්‍යවසායක, නීතිඥ දිලිත් ජයවීර මහතාට සහයෝගය පළ කිරීමේ මහජන රැලිය යාපනය රක්ක පාර ක්‍රීඩාංගණයේදී අද (17) පැවැත්විණි.
ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර, ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, යුතුකම ජාතික සංවිධානයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නියෝජ්‍ය ලේකම් ජී. වී. ඩී. තිලකසිරි, ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේගොඩ, මව්බිම ජනතා පක්ෂයේ නියෝජ්‍ය සභාපතිනි, නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත්, මව්බිම ජනතා පක්ෂයේ යාපනය දිස්ත්‍රික් සංවිධායක අරුන් සිද්ධාර්ත් යන මහත්ම මහත්මීහු එම රැස්වීම ඇමතූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා දිලිත්..!!!
නයා නටවන්න ඇවිත් වගේ... සාටකයාගේ කරේ එල්ලිලා ගොඩගිය දූෂිතයින් ටිකත් ඇවිල්ලා ඉන්නේ? දූෂිත දේශපාලුවෝ ජනතාව රවට්ටන්න හැදුවාට වැඩක් වෙන එකක් නැහැ. ඔය කාගේ කාගෙත් කයිවාරු, කෙරුවාවල් අපි දැනගෙන හුඟාක් කල්...!
අපි මෙ පාර දිලිත්ට දෙන්නේ...!
ඒ තරම්ම රටට ආදරෙයි නම් තරග කිරීම බොරුවක්.. දිනන්න නොහැකිබව දැනදැනම ඉදිරිපත්වන්නේ යටි වෙන අදහසක් ඇති බව ජනතාව දනී...!