(සුජිත් හේවාජුලිගේ )
පාසල්වල පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීම පසුගිය වසර දහයේදී හතළිස් දහසකින් පමණ පහත බැස ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
දරු උපත් ප්‍රමාණය අඩුවීම මේ තත්වයට ප්‍රධාන හේතුවක් බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
රජයේ පාසල් සදහා පළමු ශ්‍රේණියට ඇතුළත් කෙරෙන දරුවන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් අඩුවිමේ තත්වයක් දක්නට ඇති බව අධ්‍යාපන අමාත්‍යංශයේ දත්ත නිරික්ෂණය කිරීමේදීද පැහැදිලිවම පෙනී යයි. අධ්‍යාපන අමාත්‍යංශයේ දත්ත වලට අනුව 2021 වර්ෂයේදි පළමු ශ්‍රේණියට ඇතුළත් කෙරුණු සිසුන්ගේ සංඛ්‍යාව 304105කි.
පසුගිය 2022 වර්ෂයේදි පළමු ශ්‍රේණියට ඇතුළත් කළ දරුවන් සංඛ්‍යාව 292,216ක් දක්වා 11,889කින් අඩුවි ඇත
මේ අතර පවුල් සෞඛ්‍ය කාර්යංශයේ දත්තවලට අනුව 2022 වර්ෂයේ දි මෙරට පුද්ගලයින් 258,235 දෙනෙකු පවුල් සැලසුම් සදහා යොමුවි තිබුණි.
මින් 30719 දෙනෙකු වන්ධ්‍යාකරණ සැත්කම්වලට යොමුවි තිබිණ. මෙම දත්ත අනුව පෙනි යන්නේ අලුත බැදපු ජෝඩු පවා දරුවන් හැදිම සිමාකොට ඇති බව යැයි ජන හා සංඛ්‍යා ලේඛන වාර්තාවල සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංඛ්‍යා ලේඛන හදා හදා ඉමු, වෙන මොනව කරන්නද, අධ්‍යාපනය දේශපාලනයකරණය වු දා ඉඳලා රටේ දරුවෝ අනාථ වුණා!
හුදු ලිංගික තෘප්තිය විනා දරුවන් වැදීමක් ගැන තැකීමක් දැන් යම් යම් තරුණ කොටස්වලට නොමැත. සියල්ල පහසුවෙන් කර ගැනීමට අපේක්ෂා කරන ඔවුන්ගේ ජීවන චර්යාවට අනුව දරුවන් වෙනුවෙන් කාලය වැය කිරීම 'වදයක්' බවට ඔවුන් විසින් පත් කර ගෙන ඇත. කෙසේ වුවත්, එම තත්වය සගවා "දරුවන්ට කන්න දෙන්න වියදම් කිරීමට නොහැක, අධ්‍යාපනය සදහා ලොකු මුදලක් වැය වේ" වැනි මනස්ගාත ඔවුන් විසින් ආවරණයක් කර දක්වන බව පෙනේ. නමුත් එම පිරිසම බාහිර අටෝපයට සැළකිය යුතු මුදලක් වියදම් කරන බවත් නිරීක්ෂණය කළ හැකිය. රට හැර යාම එකම විසඳුම ලෙස කල්පනා කිරීමට එහිම දිගුවක් මිස වෙනකක් නොවේ. මෙම තත්වයට පිළියම් යෙදිය යුත්තේද ඔවුන් විසින්ම මිස වෙනත් බාහිර පාර්ශවවලට නොවේ.
මෙසේ සිදු වෙමින් පවතින්නේ දරුවන්ට ඇති ආදරය, ඇල්ම අඩුවීමෙන් නොව යුගදිවියට එළඹුණු දෙපළකට දරුවකු ජීවත් කරවීමට තබා තමන්ටවත් කුස පිරෙන්නට කෑම ටිකක් කා, ඉඳහිට හෝ ඇඳුමක් පැළඳුමක් මිලදී ගෙන, වසර ගණනක් කාමරයක් හෝ ගෙයක් දොරක් තනා ගැනීමට මුදල් නොමැති වීමෙන් බව තේරුම් ගත හැකි තරමේ මොළයක් ඇති පාලකයන් බිහි වේවා !
පොදු ජනතාවට 225 නඩත්තු කරනවා හැරෙන්න වෙන කිසිවක් ඉතිරි වෙලා නැහැ.
ඉතුරු ටිකත් එපා කරපල්ලා. එතකොට හරි.
ළමයි හදන්න පුළුවන්... කව්ද නඩත්තු කරන්නේ? අහිංසක දරුවන් මිහිමතට ඇවිත් පිටි වීදුරුවක් බොන්න පුළුවන්ද? කන්න තියෙන්නේ වස.. ඊට පස්සේ පිළිකා, අරවා මේවා... කව්ද ඕවාට වග කියන්නේ..? විදේශ රටක නම් ඔන්න කමක් නැහැ ළමයි හැදිල්ල... එපා වෙන්න ගිහිං බලන්න අපේක්ෂා රෝහලට... වස හද හදා අපිට ළමයි හදන්න කියනවා ඒවා ගිල්ලවන්න ඉස්කෝලෙකට දැම්මාම ගැරිල්ල ගැරිල්ල මොන්ටිසෝරියේ ඉඳලා ගැරිල්ල...
පාසලකට දාන්න පුදුම මඩක් කන්න වෙනකොට මිනිසුන්ට ළමයි හදන්න හිතෙයිද? ළමයාට කෑම බීම, ඇඳුම්, සපත්තු, ඇයි බෙහෙත්, ඒකත් විශ්වාසයකින් බෙහෙත් විඳගන්න පුළුවන්ද? ඔය ඔක්කෝම එක්ක බැලුවාම කරදරයක් නැතිව සතුටින් ඉන්න ළමයි හදන්න පුළුවන් 225ට විතරයි...
මෙතුමාගේ ඒකායන පරම පවිත්‍ර අරමුණ මීළඟ මහමැතිවරණයේ දී මනාප ලැයිස්තුවේ සිය බලය තහවුරු කරගැනීමයි. ඒ නිසා තමයි දෙමව්පියන්ගේ ආකර්ෂණයට හසු වෙන්න සීමාව ඉක්මවා සමාජ මාධ්‍යට තුරුලු වෙන්න දඟලන්නේ...!
නුසුදුසු පුද්ගලයින් පාර්ලිමේන්තුවට ඇරියාම මේවා තමයි ප්‍රතිඵල...