
(විමුක්ති එස් රුද්‍රිගු)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දී ඇති වැඩසටහන යටතේ පෙබරවාරි මාසය අවසන් වනවිට ඉටුකළ යුතු කැපවීම්වලින් සියයට 33 ක් සපුරාලීමට ශ්‍රී ලංකාව අපොහොසත් වී ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනයේ අයි.එම්.එෆ් මීටරය පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාව ඉටු කිරීමට අපොහොසත් වී ඇති බොහොමයක් කැපවීම් ආණ්ඩුකරණය ඉහළ නැංවීමට අදාළ ඒවා බව අයි.එම්.එෆ් මීටරය හෙළි කළේය.
කැපවීම් වලින් සියයට 36 ක තත්ත්වය මැනීම සඳහා ප්‍රමාණවත් තොරතුරු නොමැති වීම හේතුවෙන් එම කැපවීම් වල තත්ත්වය නොදන්නා ලෙස අයි.එම්.එෆ් මීටරය වර්ගීකරණය කර ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.ශ්‍රී ලංකාව ඉටුකර ඇතැයි සනාථ කළ හැක්කේ කැපවීම් සියයට 31 ක් පමණක් බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.
දුර්වල ආණ්ඩුකරණයක් පැවතීම ශ්‍රී ලංකාවට බලපා ඇති ආර්ථික අර්බුදයේ කේන්ද්‍රීය සාධකයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හඳුනාගෙන ඇතැයිද වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොදනී කියන්නේ ඉටුකර නැත කියන එකම තමයි...
මෙහෙම තිබෙන විටද ජෙප්පෝ කියන්නේ අපි ආවම ගිවිසුම සංසෝධනය කරනවා කියලා. ජෙප්පෝ බලයට ඇවිත් කියයි රනිල්ගේ ආණ්ඩුව අපිටත් කිසිවක් කරගන්න බැරි විදිහටයි ගිවිසුම ගහලා තිබෙන්නේ, ඒ නිසා ඔහොම යමු කියලා.
දුර්වල ආණ්ඩුකරණය කියන්නේ ක්‍රියාත්මක කළයුතු අවම ප්‍රතිපත්ති ටිකවත් ක්‍රියාත්මක කරගන්න බැරි රාජ්‍ය නිලධාරීන්ගේ කෙරුවාව තමයි. විශේෂයෙන් පුටු රත් කරන පරිපාලන සේවා නිලධාරීන්ගේ කාර්යක්ෂමතාව වැඩි කරන කල් මේ ඉලක්ක කියන්නේ ඉලක්ක විතරයි.