(ඩී.කේ.රත්න)
බුත්තල ඔක්කම්පිටිය පොලිස් වසමේ බාල වයස්කාර දරුවන්ට දුම්වැටි අලෙවිකළ වෙළෙඳුන් දසදෙනෙකුට විරුද්ධව අද (15) නඩු පැවරීමට කටයුතු කළ බව ඔක්කම්පිටිය පොලීසිය පවසයි.
ඔක්කම්පිටිය ගාමිණීපුර, පාසල අසළ, හයේ කණුව , කණ්ඩයාය , වැව ප‍්‍රදේශය , 01 ඇල ජනපදය සහ බුරුතගොල්ල ප‍්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම වෙළඳසැල් හිමියන් හඳුනාගෙන නඩු පැවරීමට කටයුතු කර ඇත.
දරුවන්ට දුම්වැටි අලෙවි කිරීම නීති විරෝධීව තිබියදී සහ මෙම දරුවන්ට දුම්වැටි අලවි නොකරන ලෙස නොයෙක්වර දැනුවත් කර තිබියදී දුම්වැටි අලවි කිරීම හේතුවෙන් මොවුන් අත්අඩංගුවට ගෙන තිබිණි.
ඔක්කම්පිටිය පොලිසිය මොවුන්ට විරුද්ධව නඩු පවරා තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd