
(අමදෝරැ අමරජීව)
පාසල් සිසුන් සඳහා 2024 වර්ෂයට නොමිලේ බෙදා දී ඉතිරිව තිබූ නිල ඇඳුම් තොගයක් කින්නියා කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය තුළ වේයන් කා දමා විනාශ වීමට ඉඩ හැර ඇතැයි වාර්තාවේ.
කින්නියා කලාප අධ්‍යාපන කාර්යාලයට අයත් අධ්‍යාපන කොට්ඨාස තුනක පාසල් සඳහා බෙදා දී ඉතිරීවු නිල ඇදුම් තොග ආපසු යවනු වෙනුවට කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය පෙට්ටි අටක බහා නිල ඇඳුම් හාරසීයකට ආසන්න ප්‍රමාණයක් මෙලෙස විනාශ වීමට ඉඩ හැර තිබේ.එම පෙට්ටි වේයන් කා දමා මඩ ජලයෙන් තෙත්ව ඇති අයුරු දැක ගත හැකිය .
මේ සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දුන් නැගෙනහිර පළාත් අධ්‍යාපන ලේකම් එච්.ඊ.එම්.ඩබ්.ජි.දිසානායක මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් සොයා බලා වගකිවයුත්තන්ට එරෙහිව කටයුතු කරන බවයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ රාජ්‍ය නිලධාරින්ගේ තත්වය...
කාලකන්නි හැත්ත. අපි කොච්චර නම් ඉල්ලනවාද? වැඩිපුර 1 දෙන්න කියලා... මෙවා අපරාධ
වේයන්ටත් බඩගින්න දැනෙනවා ඇතිනේ...
මෙලෙස ඉතිරි වන්නේ පසුගිය වසරේ විභාගවලට ඉදිරිපත් ව අසමත් සිසුන්ගේ ඇදුම්. ඒවා ගන්න ඒ ළමයි එන්නේ නැහැ. මේවා ගබඩා කරන්න කොට්ඨාස කාර්යාලවල ඉඩ නැහැ.
මේවාගේ නිලධාරින් දෙවියන්ගේ සාපයට ලක්වෙනවා
මෙහි සම්පූර්ණයෙන්ම වරද තියෙන්නෙ අධ්‍යාපන ඇමැති ඇමැතිගේ හා අමාත්‍යාංශයේ නිළධාරි අතේ කියන්න පුළුවන් ඔවුන් බත්තරමුල්ලට වෙලා සීතල කාමරවල සිටගෙන චක්‍රලේඛ හදනවා වුණත් ක්‍රියාත්මක කරන්න අපහසු බව දන්නේ නැහැ ගුරුවරු ඇණවුම් හදනවා අනා කියනවා වගේ වෙනවා සාමාන්‍යයෙන් ග්‍රාම නිළධාරි හරහා කලොත් ඔහොම වෙන්නෙ නැහැ. ඊළඟට එහෙම කලොත් ග්‍රාම නිළධාරි හා සම්බන්ධීකරණ නිළධාරි සදහා දීමනාත් අනුමත කරන ප්‍රාදේශීය ලේකම් සදහාත් දීමනා නැතිනිසා කරන්න අමාරුයි කරන්න පහසුව නම් අවශ්‍ය තැනකින් ගැනීමට වවුචර දීම පමණයි